මම අසීමිතව ආදරේ කරපු මගේ රට අතෑරලා අදට අවුරුදු 2 යි.
අවුරුදු 9 ක අවංක රාජ්‍ය සේවයට අන්තිමට සැලකුවේ පයින් ගහලා එලියට දාලා වගේ.
අවසානයේ මං තේරුම් ගත්තා අවංක රාජ්‍ය සේවයවත්, රටටවත් නෙවෙයි අංක එක. තමන්ගේ පවුල තමයි අංක එක කියලා.
මගේ තාත්තා මරණ මංචකයේ ඉන්නකොට මට කිව්වා පෙට්‍රෝලියම් එක අතෑරලා වයිෆ් ළමයින් අරන් රටින් පිටවෙන්න කියලා. එයා බය වුණා මට ප්‍රශ්නයක් වෙයි කියලා.
එයා කිව්ව දේ හරි. ලංකාවේ අවංකව රාජ්‍ය සේවය කරලා වැඩක් නෑ. අවංක කොන්ද කෙලින් තියාගෙන හිටියොත් නැති වෙන්න දේවල් 2 ක් තියෙනවා .
රැකියාව, ජීවිතය.
මම කැම්පස් එකේ final project එක කරනකොට හිටපු Senior Lecturer PD සරත්චන්ද්‍ර සර් මගෙන් ප්‍රශ්න ගණනාවක් ඇහුවා.
සරත්චන්ද්‍ර සර්ට අපි ඒ කාලේ හරි බයයි. ඒ වගේම ලොකු ගරුත්වයක් තිබ්බා.
සර් අහපු ප්‍රශ්න වලට සමහරක් උත්තර මම දුන්නේ වංගු ගහලා.
හරිත් නෑ වැරදිත් නෑ.
සර් ටික වෙලාවක් මම දිහා බලන් හිටියා. හිනා වෙලා කිව්වා. "නුවන් ලෝකේ කොහේ ගියත් ඔලුව ගහගෙන ඉඳියි" කියලා.
Degrees එක ගන්නත් කලින් Dr.රසික පෙරේරා සර් මාව Department එකට ගත්තා Automobile section එකට Demonstrator කෙනෙක් විදිහට. මට සෑහෙන්න දේවල් කියලා දුන්නා. ඒවා මගේ ජීවිතේට සෑහෙන්න වැදගත් වුණා. අපේ බැච් එකේ Mechanical Engineering කරපු අය සෑහෙන්න හිටියත් ඒ අවුරුද්දේ Automobile Engineering Degree එක ගත්තේ මං විතරයි. අවුරුද්දකට වැඩි කාලයක් මම Department එකේ වැඩ කරා. ලංකාවේ NVQ Level 5,6 පටන් ගන්න කොට පලවෙනි batch එකට Lectures දුන්නා. ලංකාවේ NVQ හදන්න NAITA එකට සහයෝගය දුන්නා.
2011 අවුරුද්දේ Ravi de Mel සර් Department Head උනා. සර් එක්ක මං සෑහෙන්න වැඩ කළා. අපි Pakistan වල Aman tech එකට ගිහිල්ලා Lectures දුන්නා. සර් අද Head of Department Materials and Mechanical Technology , University of Sri Jayawardhanapura.
සර් මට දවසක් කතා කරලා කිව්වා නුවන් ඔයා Academic කෙනෙක් වෙනවට වඩා Industry එකට ගිහිල්ලා Engineer කෙනෙක් විදියට වැඩ කළොත් මීට වඩා වැඩක් කරන්න පුළුවන් කියලා. අවුරුදු ගානක් අපි ශිෂ්‍යයෝ විදිහට සර්ගෙන් ඉගෙන ගත්ත හින්දා මගේ capacity එක Sir දැනගෙන හිටියා. සර් කියන දෙයක් මං කවදාවත් අහක දාන්නේ නෑ. ඒත් මගේ ආශාව තිබ්බේ Lecturer කෙනෙක් වෙන්න PhD එකක් කරන්න.
ටික දවසක් ගිහිල්ලා සර් මට කතා කරලා කිව්වා. Maga Engineering එකේ vacancy එකක් තියෙනවා. එතනට ඔයාගේ CV එක යවන්න කියලා. මම යැව්වා. Interview එන්න කියලා කෝල් කරා. මට Industry එකට යන්න එච්චර ආසාවක් තිබ්බේ නැති හින්දා ඕනවට එපාවට තමයි interview එකට ගියේ. මම එයාලාට කිව්වා මං construction machinery maintenance කරලා නෑ කියලා. Interview එක අවසානයේ මට කිව්වා අපි ඔයාව තෝරා ගත්තා අපි ඔයාව train කරලා ගන්නම් කිව්වා. එතන අවුරුද්දකට එහා වැඩ කලා. එයාලා සෑහෙන්න දේවල් මට ඉගැන්නුවා.සෑහෙන්න වැඩ ගොඩක් කලා. අදටත් එයාලත් එක්ක කතා කරනවා.
ඊට පස්සේ Petroleum එකට ගියා. දේශපාලනය උපරිම තියෙන ආයතනයක් එතන. වැඩ කරන්න ලේසි නෑ. මට කලින් හිටපු කීපදෙනෙක්ම අවුරුද්දක් දෙකක් ඇතුළත ජොබ් එක දාල ගිහිල්ලා තිබුණා වැඩ කරන්න බෑ කියලා.
මම එතන අවුරුදු නමයක් Engineer විදිහට හිටියා. Promotion නෑ. වැඩක් කරන්න දුන්නේම නෑ. හොරකම විතරයි.
කොන්ද පණ තියෙන එක Chairman කෙනෙක් හිටියා.එයා යටතේ කාලයක් සෑහෙන්න වැඩක් කරා. සෑහෙන්න හොරකම් නතර කළා. කෝටි ගණන් ඉතුරු කරලා පෙන්නුවා. හදන්න බෑ කිව්ව Accident වෙච්ච වාහන හදලා පෙන්නුවා.
ජපන්නුන්ට ලෙඩේ හොයාගන්න බෑ කිව්වා ඒවා හදල පෙන්නුවා. Company වලින් ලක්ෂ හතර හමාරකට common rail pump දාන්න ඕනි කිව්ව ඒවා රුපියල් හයදාහෙන් අපි හැදුවා.
Check engine පත්තු වෙච්ච ගමන් කම්පැනි දාලා දහස් ගණන් බිල් ගෙවපු ඒවා අපි නැවැත්තුවා. හැම වාහනයක්ම අපි හැදුවා.
ඒවා කරනකොට ඉතින් සමහරක් අය මාත් එක්ක තරහ උනා එයාලගේ ආදායම් මාර්ග ඇහිරෙන හින්දා.
සමහර ෆයිල් අත්සක් කරන්න කියලා තර්ජන ආවා. සමහර ඒවට සල්ලි දෙන්නම් අත්සන් කරන්න කිව්වා.
ඒවා එකක්වත් අත්සන් කළේ නෑ.
2016 ගෙනාපු Bowser 35 ටම Engineer අත්සන් කරලා නෑ. Xtrail වලට Engineer අත්සන් කරලා නෑ.
අවුරුදු නමයකට පස්සේ තේරුම් ගත්තා මේ හොරු රැලත් එක්ක වැඩ කරන්න බෑ කියලා.
මේ ආන්ඩුව ආවාම හිතුවා ඒවා වෙනස් වෙයි, හොරකම් කරපු අයට දඩුවම් ලැබෙයි කියලා.
ඒත් හොරු ටික ඇතුලේ තියාගෙන මගේ නිවාඩු ඉල්ලිම කුනු කූඩෙට දාලා මගේ සේවය අවසන් කලා.
එදා කැම්පස් එකේ සර්ලා මම ගැන කියපු දේවල් අද ඇත්ත වෙලා. ලෝකයේ එහා කෙලවරක ගිහිල්ලා ලෝකයේ ඉහලින්ම තියෙන EV Brand එකක් එක්ක මම අද වැඩ කරනවා.
මම එතන interview ගියාට පස්සේ මගේ CV එක එයාලා බැලුවා. මම වැඩි හරියක් ඉඳලා තියෙන්නෙ බර වාහන ක්ෂේත්‍රයේ.
එයාල කිව්වා ඒක අවුලක් නෑ ඔයාගේ CV එක හොදයි .අපි ඔයාව train කරලා ගන්නම් කිව්වා. Technical පැත්තෙන් පටන් ගන්න ඊට පස්සේ උඩට යන්න කිව්වා.
අපි මොන ෆීල්ඩ් එකේ හිටියත් skills හදාගන්න ඕනේ. Basic knowledge හදාගන්න ඕනේ.Update වෙන්න ඕනේ. එතකොට කවදාවත් වැටෙන්නේ නෑ.
ලෝකෙ කොහේ ගියත් ගේමක් ගහලා ඉන්න පුළුවන්.
| නුවන් විජේරත්න | Nuwan Wijerathna මුහුණ පොතින්

