රජය, ඖෂධ ගාස්තු 30%කින් ඉහල දැමීමට සැලසුම් කරයි

රජය, ඖෂධ ගාස්තු 30%කින් ඉහල දැමීමට සැලසුම් කරයි

සාමාන්‍ය මිල අඩු අනුකරණ ඖෂධ වලින් පමණක් සිය ප්‍රතිකාර සැලසුම් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ට සිදු වී ඇත. අත්‍යාවශ්‍ය සුවිශේෂි ඖෂධ 50 කට ආසන්න ප්‍රමාණයක තොග අවසන් වී ඇත.

මිල අධික සියළු ඖෂධ සිය ප්‍රතිකාරය සදහා අවශ්‍ය වූ විට, ඒවා බාහිර ඖෂධහල් වලින් මිලදී ගැනීම, සාමාන්‍ය ක්‍රමවේදයක් බවට පත් වි ඇත. ඉදීරියේදී ඇතිවන මිල වැඩි කිරීමේ තීන්දුව හේතුවෙන් එම ඖෂධ මිල තවදුරටත් දෙගුණයක හෝ තුන් ගුණයක් දක්වා මිල වැඩිවීමකට ලක්වීම නොවැලැක්විය හැකි නිසා, අතේ ඇති මුදලට අනූව ලැබෙන ප්‍රතිකාරය වෙනස් වන සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීමට රෝහල් කාර්‍යමණ්ඩලයට සිදු වනු ඇත.

මේ වන විටත් රජයේ රෝහල්හි ඖෂධ වර්ග පනහකට අධික සංඛ්‍යාවක තොග අවසන් වී ඇති අතර, එදිනෙදා අවශ්‍ය වන සාමාන්‍ය ඖෂධ කිහිපයක් සදහා පමණක් සුළු ප්‍රමාණ සැපයුම් කලද, ඒ සදහාද කිසිදු ස්ථිර වැඩපිළිවෙලක් මෙතෙක් අනුගමනය කර නොමැත.

භාණ්ඩ ප්‍රවාහන නැව් සහ ගුවන් යානා පැමිනීම විශාල ලෙස අඩුවී ඇති බැවින්, ඩොලර් ගැටළුවට අමතරව ඖෂධ තොග ප්‍රවාහන ගාස්තු දහ ගුණයක් දක්වා වැඩිවීමද, තෙල් මිල වැඩිවීමට අදාලව, රට තුල ප්‍රවාහන ගාස්තු ඉහලයෑම හේතුවෙන්, ඉදිරියේදී ඖෂධ මිල තවදුරටත් ඉහල යෑම සිදුවන අතර, රජය විසින් ඒ සදහා නිශ්චිත වැඩපිළිවෙලක් නොයදනු ලබන්නේ නම්, රට තුල නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක නොවන පරිසරයක් සදහා මහ ජනතාව සූදානම් විය යුතුය.

Ravi kumudesh photo 2

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය