කොරෝනා නිසා ප‍්‍රංශය සහ ජර්මනිය යළිත් වැසෙයි

කොරෝනා නිසා ප‍්‍රංශය සහ ජර්මනිය යළිත් වැසෙයි

නව්‍ය කොරෝනා වෛරසයේ සීඝ‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ප‍්‍රංශය සහ ජර්මනිය ලොක්ඩවුන් ක‍්‍රමවේදය යටතේ වසා දමා තිබෙන තිබෙන බව විදෙස් පුවත් සේඅවා වාර්තා කරයි.

පුවත් සේවා වාර්තා කරන ආකාරයට මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශකර ඇත්තේ අද (30) දිනයේ සිට ඉදිරි සති 04ක කාලයක් එනම් මාසයක කාලයක් ප‍්‍රංශය වසා තැබෙන බවයි. ඒ අනුව එරට ජනතාවට නිවෙස්වලින් පිටතට යාමට අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සහ සෞඛ්‍ය අවශ්‍යතා මත පමණයි. අපනශාලා සහ මත්පැන්හල් වසා දමා ඇති අතර පාසල් සහ කර්මාන්ත ශාලා තවදුරටත් විවෘතව පවතිනවා.

මේ අතර, ලබන සඳුදා සිට කි‍්‍රයාත්මක වන පරිදි ජර්මනිය ද සති 04 ක කාලයකට ලොක්ඩවුන් ක‍්‍රමවේදය යටතේ වසා දැමෙන බවයි ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් ප‍්‍රකාශ කළේ. එරට ආපනශාලා, මත්පැන්හල් සහ සමාජ ශාලා ද එම කාල සීමාවේදී වසා දැමෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.