කොරියාවේ කොරෝනා තත්ත්වය අවදානම් -ආසාදන වැඩිවීම නිසා සොල් නුවරට හමුදාව

කොරියාවේ කොරෝනා තත්ත්වය අවදානම් -ආසාදන වැඩිවීම නිසා සොල් නුවරට හමුදාව

දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළ යාමත් මියයන න් පුද්ගලයින් ප්‍රමාණයද ඉහළ යාම නිසා එරට සෝල් ප්‍රදේශය තුළ කොරෝනා වෛරසයට සහය දෙන ඉදිරි පෙළ සෞඛ්ය සේවකයින්ට සහය දැක්වීම සඳහා හමුදාවේ, පොලීසියේ හා රාජ්‍ය සේවයේ යෙදෙන සේවකයින් 800ක් පමණ මුදාහැර තිබෙන බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු කොරියාවේ අගමැති චුන්ග් සයි කියුන් මහතා ප්‍රකාශකර ඇත්තේ සෞඛ්‍ය සේවකයින්ගේ සහය වෙනුවෙන් හා ඔවුන්ට ශක්තියක් වීමට මෙම පිරිස යෙදවීමට තීරණය කල බවයි.
 
එමෙන්ම අගනුවර පුරා ස්ථාවනය කර ඇති තාවකාලික කොවිඩ්  පරීක්ෂණ මධ්‍යස්ථාන 150ක් වෙත ගොස් පරීක්ෂාවන් සිදුකර ගන්නා ලෙසත් එරට වෙසෙන සියලුම දෙනාට අගමැතිවරයා සිහිපත්කර දී ඇත.
 
එමඟින් තවදුරටත් කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තවීම පාලනය කිරීමත් සැගවුණු වෛරස් වාහකයින් සක්‍රියාව හඳුනා ගැනීමත් එම ක්‍රියාවලියේ අරමුණ බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.
 
දකුණු කොරියාවේ රෝග පාලන හා නිවාරණ ඒජන්සිය ප්‍රකාශකර ඇත්තේ ගෙවී ගිය දිනය තුළ නව ආසාදිතයින් 689ක් වාර්තා වූ අතර එම ආසාදිතයින්ගෙන් 673ක් දේශීයව සම්ප්‍රේෂණය වූ අය බවයි.
 
අදවනවිට එරටින් වාර්තාවෙන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 40,786 දක්වා ඉහළ ගොස් තිබෙන අතර 31,157ක් පූර්ණ සුවය ලබා තිබේ. මියගිය මුළු ගණන 572කි.
 
වැඩබිම