ඕස්ට්‍රේලියාව සමාජ මාධ්‍ය පාලනයට සැරසෙයි -මේ වැරදි කළොත් දඩ

ඕස්ට්‍රේලියාව සමාජ මාධ්‍ය පාලනයට සැරසෙයි -මේ වැරදි කළොත් දඩ
සයිබර් හිරිහැර පාලනය කිරීමේ අරමුණ ඇතිව ඕස්ට්‍රේලියානු රජය විසින් සමාජ මාධ්‍ය පාලනය කිරීමටත් ඒ සඳහා අලුතින් නීති සම්පාදනය කිරීමටත් සූදානම් වෙයි.
 
මේ සම්බන්ධයෙන් විස්තර සපයමින් විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ මෙම තීරණයට අනුව ක්‍රියාත්මක වෙමින් අන්තර්ජාල ආරක්ෂණ කෙටුම්පත් නීති මගින් වෙබ් අඩවි සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල වල පලකරනු ලබන හානිකර හා අපයෝජන අන්තර්ගතයන් ඇති සිදුවිම හෝ වෙනයම් දෑ පැය 24ක් ඇතුළත ඉවත්කිරීම නොකළහොත් ඒ සඳහා දඩ මුදලක් ගෙවීමට සිදුවෙන අතරම එම ගිණුම් අවහිර කිරීමටද කටයුතු කරන බවයි.
 
එහිදී නුසුදුසු ප්‍රචාරයන් හෝ අපයෝජන අන්තර්ගතයන් පතුරුවන පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෙලිකිරීමටද ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල ආරක්ෂන කොමසාරිස්වරයාට බලතල ද පවරා ඇත.
 
කොරෝනා වසංගතය තුළ සයිබර් හිරිහැර විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන අතර එයට හේතුව ලෙස දැක්වෙන්නේ බොහෝ දෙනෙක් නිවෙස්වල කාලය ගතකිරීම නිසා සාමාන්‍ය ඩිජිටල් සන්නිවේදනයන් මත රඳා පැවතීම බවයි.
 
එරට නව අන්තර්ජාල ආරක්ෂණ පනත යටතේ වෙබ් අඩවි හා සමාජ මාධ්‍යජාලවල පලවෙන හෝ පලකරන ප්‍රචණ්ඩකාරී හා හානිකර අන්තර්ගතයන් මෙන්ම රූප මත පදනම් වූ අපයෝජනයන්, සයිබර් හිරිහැර කිරීම් සම්බන්ධයෙන් ඇති අන්තර්ගතයන් ඉවත් කිරීමට අපොහොසත් වුවොත් එය දැනුම් දීමෙන් පසුව පැය 24ක් ඇතුළත එම ගිණුම් අවහිර කිරීමට කටයුතු කරනු ඇත.