ඉතාලියේ පළමු කොවිඩ් එන්නත් ලාභී කත ලෙස හෙද ක්ලව්ඩියා ඉතිහාසගත වේ

ඉතාලියේ කොරෝනා සදහා වන එන්නත් පළමු මාත්‍රාව ලබා දීම සඳහා ගුවන් හමුදාවේ පළමු ගුවන් ගමන් පෙරේදා (දෙසැම්බර් 27) ආරම්භ කර තිබේ.

මෙම විශේෂ දිනය එන්නත් දිනය ලෙස හදුන්වා දී ඇති අතර "එන්නත් දිනය සඳහා ආරක්ෂක වාහන 60 ක් සහ ත්‍රිවිධ හමුදා ගුවන් යානා 5 ක් භාවිතා කරනු ඇත.

සියලුම එන්නත් මාත්‍රාවන් සෞඛ්‍ය පහසුකම් ඇති නිශ්චිතව හඳුනාගෙන හමුදා කඳවුරු වල ගබඩා කිරීම සඳහා ගෙන එනු ලබු අතර එම එන්නත් අදාල සෞඛ්‍යය ප්‍රධානින් හට භාරදීමට සිදුකරන බව IOS ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන කර්නල් රිනාල්ඩෝ කොලරූසෝ පැහැදිලි කර තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම " සුරක්ෂිත බාවය සහතික කිරීම සඳහා සම්පූර්ණ සැලැස්ම සම්පුර්ණයෙන්ම සූදානම් කර ඇති බවයි.


WhatsApp Image 2020 12 29 at 8.12.49 AM(ඉතාලියේ gossip67 -ලූකා පෙලෙග්‍රිනි විසිනි)

 ඉතාලියේ පළමු එන්නත 29 හැවිරිදි හෙද ක්ලව්ඩියා ට


මේ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් අප වෙත යොමුකර ඇති ඉතාලියේ, මිලානෝ හි පදිංචි සුමුදු මද්දුමආරච්චි, ඉතාලියේ පළමු කොවිඩ් එන්නත් ලාභී කත ලෙස හෙද ක්ලව්ඩියා ඉතිහාසගත වූ බව සඳහන් කර ඇත.

ඔහුගේ සටහනේ මෙසේද සඳහන් වේ.

'' ලොවක් අඩපණ කල කෝවිඩ් නයින්ටින් වෛරසය ආසාදිත රෝගීන් වෙනුවෙන් දිවිහිමියෙන් කැපවූ 1991 ඔක්තෝබර් මස 23 වන දින උපත ලැබූ Claudia Alivernini නම් ඉතාලි ජාතික 29 හැවිරිදි හෙදිය ( Infarmiera ) යුරෝපයේ පාරාදීසය නම් ඉතාලි ඉතිහාසයට එක් වූවාය.

ඇය ඉතාලියේ රෝම නගරයේ රෝහලක සේවය කරයි.

පළමුවෙන්ම එන්නත් කිරීම තම රාජ්‍යයේ ජාතික ආරක්ෂාවහි මූලික අංගයක් වන සෞඛ්‍ය ක්ෂේත්‍රයහි නියැලෙන වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්‍ය මණ්ඩයට ප්‍රථමයෙන් ලබා දෙමින් ඉතාලි රජය ලොවටම ආදර්ශයක් ලබා දුන්නේ කොවිඩ් වෛරසයෙන් සෞඛ්‍ය අංශවල 300කට ආසන්න ජීවිත ඔවුනට අහිමි වූ නිසාවෙනි.

ශ්‍රී ලංකාවේ දේශපාලකයා පළමුව ආරක්ෂාව තමන් වෙත සලසා ගන්නා වාතාවරණයක, ඉතාලි අගමැති ජ්‍යුසෙප්පේ කොන්තේගේ Giuseppe Conte අනගි භවනීය කැප කිරීම් රාශියක හා ඍජු ජනප්‍රිය නොවන එහෙත් ජනතාවාදී තීන්දු තීරණ නිසා මේ වන විට ඉතාලිය කොවිඩ් වෛරසයෙන් මිදෙමින් පවතී.

එන්නත් වීමෙන් පසු හෙද ක්ලවුඩියා මාධ්‍ය හමුවේ මෙසේ පැවසුවාය.

''මේ වයිරසය සමග ජීවිතයත් මරණයත් අතර සටන් වදින රෝගීන් ගේ වේදනාව කදුළු මගේ ඇස් දෙකින්ම දුටුවා.

එය ඉතා වේදනාකාරී භයානක අත්දකීමක්, සිතන්නට වත් නොහකි තරම්. මම ස්තූතියිවන්ත වෙනවා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට මට මේ අවස්ථාව ලභාදීම වෙනුවෙනි. මම හැමෝගෙන්ම ඉල්ලන්නෙ රටක් ලෙස අප මෙම එන්නත ලබාගෙන ආරක්ෂා වී සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වා ගමු කියාය.''

ඉතා සංවේදීව තම අදහස් හා සතුට ප්‍රකාශ කල හෙද ක්ලවුඩියා හට තව දින 21 න් දෙවන එන්නත ලබා දීමට කටයුතු යෙදෙන අතර ඇය ඉතාලියේ ප්‍රථම කොවිඩ් එන්නත ලභාගත් හෙද කාන්තාව ලෙස ඉතිහාස ගත වෙද්දී එයට සමගාමීව් රොමය සිසිලිය මිලානෝ ලොම්බාර්දියා ප්‍රදේශ වල එන්නත් කිරීමේ ක්‍රියාවලිය සාර්ථක ආරම්භ විය.

සංවේදී මානවවාදී විද්‍යව මත පිහිට කටයුතු කරන නායකයින් රටකට කෙතරම් භාග්‍යක් ද?

රටක් ලෙස ඉතා පසුගාමී මිත්‍යාවකට ඇදවට්ටන රාජ්‍ය නායකයන් හිමි අපට සියල්ලට වඩා මිනිස් ජීවිතයට මානුෂීය වටිනාකම් ලබා දිය හැකි නායකන් තෝරාපත් කර ගැණීමට කාළය එළැඹ ඇත….''

සුමුදු මද්දුමආරච්චි
මිලානෝ,
ඉතාලිය.