බ්‍රිතාන්‍ය යලිත් ලොක් ඩවුන්

බ්‍රිතාන්‍ය යලිත් ලොක් ඩවුන්
බ්‍රිතාන්‍ය තුළ දෛනිකව හමුවන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩිවීම නිසා නැවත වරක් රට සම්පූර්ණයෙන්ම අගුළු දැමීමට රාජ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
 
විදෙස් පුවත් සේවා වාර්තා කරන ආකාරයට දිනෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ සෞඛ්‍ය පද්ධතියට එල්ල වූ දැඩි පීඩනය හේතුවෙන් බ්‍රිතාන්‍ය මෙම පියවර ගැනීමට තීරණය කළ බව පෙන්වා දෙයි.
 
පසුගිය වසරේ මාර්තු මාසයෙන් පසු බ්‍රිතාන්‍ය මෙලෙස ඉතා දැඩි සීමා පැනවූ පළමු අවස්ථාව මෙයවන අතර මෙම නව දැඩි සීමා සඳුඳා (04)සිට  ඉදිරියට ක්‍රියාත්මකයි.
 
තවද,එරට තුළ ඔක්ස්ෆර්ඩ්/ඇස්ට්‍රසෙනකා එන්නත ලබාදීම ද ආරම්භ කර තිබෙන අතර  මෙම එන්නත්කරණ ක්‍රියාවලියත් සමඟ ‘කොවිඩ්-19’ ගෝලීය වෛරස වසංගතයට එරෙහි තීරණාත්මක වෙනසක් සිදුවනු ඇති බවයි රාජ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ.