බ්‍රිතාන්‍යට ඇතුළුවන සියලු ප්‍රවේශයන් තාවකාලිකව වසා දමයි

බ්‍රිතාන්‍යට ඇතුළුවන සියලු ප්‍රවේශයන් තාවකාලිකව වසා දමයි

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය රට තුළ සීඝ ලෙස පැතිරයාම හේතුවෙන් එරටට ඇතුළුවන සියලු ගොඩබිම් සහ ගුවන් මාර්ග වසා දැමීමට තීරණය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කළේ, එළඹෙන සඳුදා සිට තාවකාලිකව රට තුළට පිවිසෙන සියලු ප්‍රවේශ වසා දමන බවයි.

එමෙන්ම,විදේශයක සිට රට තුළට හදිසියේ පැමිණෙන පුද්ගලයෙකු වේ නම් ඔවුන් කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු කරන පරීක්ෂණ සහතික අනිවාර්යෙන් ඉදිරිපත්කල යුතු බවත් නිවේදනය කර තිබේ.