ජර්මනියේ කොවිඩ් මර්දන සීමාවන් තවදුරටත් දැඩි වෙයි

ජර්මනියේ කොවිඩ් මර්දන සීමාවන් තවදුරටත් දැඩි වෙයි

ජර්මනියට පනවා ඇති කොවිඩ් -19 මර්දන සීමාවන් තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

කොවිඩ් -19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මාර්තු මස 14 වනදා දක්වා තවදුරටත් සීමාවන් පැනවීමට පියවර ගත් බව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් ප්‍රකාශ කර ඇත.

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයේ ආසාදිතයින් ද වැඩි වශයෙන් ජර්මනියෙන් දෛනිකව වාර්තා වන බව සඳහන් වේ.

ජර්මනියෙන් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 2,302,051 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 63,271 ක් සිදුව තිබේ.