ඕස්ට්‍රේලියාව තුළ ෆේස් බුක් පෙරපරිදි යලිත් වැඩ

ඕස්ට්‍රේලියාව තුළ ෆේස් බුක් පෙරපරිදි යලිත් වැඩ

ඔස්ට්‍රේලියාවේ ෆේස්බුක් පරිශීලනය කරන්නන්ට එම  සමාජ ජාලය හරහා ප්‍රවෘත්ති කියවිය හැකි පරිදි එය වෙනස් කරන බව ෆේස්බුක් ආයතනය පවසයි.

ෆේස්බුක් ඔස්සේ හුවමාරු කරගන්නා පුවත් සඳහා නව ගෙවීමක් හඳුන්වාදෙමින් නීතියක් ගෙන ඒමට ඔස්ට්‍රේලියානු බලධාරීන් ක්‍රියා කිරීම හේතුවෙන් එරට තුළ ෆේස්බුක් හරහා පුවත් හුවමාරුවීම අත්හිටුවීමට ෆේස්බුක් ක්‍රියාකළේය.

නමුත් ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් සහ ඔස්ට්‍රේලියානු බලධාරීන් අතර පැවති අදහස් හුවමාරුවකින් අනතුරුව එම නීතිය වෙනස් කිරීමට ඔස්ට්‍රේලියාව එකඟ වී තිබේ.