කොරෝනා බ්‍රසීලය තව තවත් අසරණ කරයි

කොරෝනා බ්‍රසීලය තව තවත් අසරණ කරයි

බ්‍රසීලයෙන් ජනගහනය අධිකම කලාපය ලෙස සැලකෙන සාවෝ පාවුලෝ හි කොරෝනා මරණ සීඝ්‍රයෙන් ඉහළයමින් පවතින වාර්තා වේ.

වසංගතය ආරම්භවූ කාලයේ සිට බ්‍රසීලයේ අදවනවිට කොරෝනා මරණ ප්‍රමාණය 294,115ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර දෛනිකව වාර්තාවෙන මරණ ප්‍රමාණයද ඉහළ අගයක් ගනී.

පසුගිය 16 වෙනි දින එම කලාපයේ කොරෝනා මරණ 679ක් සිදුව ඇති අතර එය වාර්තාගත වැඩිවීමකි. එබැවින් එහි දැඩි සංචරණ සීමා පනවන ලෙස සෞඛ්‍ය බලධාරීන් නව සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී. 

පසුගිය අඟහරුවාදා බ්‍රසීලයෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 2,841කි.

මේ අතර කොරෝනා වසංගතය ඇරඹීමෙන් පසු පත්කරන ලද සිව්වැනි සෞඛ්‍ය අමාත්‍යවරයා වන මෙර්සෙලෝ කිව්රෝගා අද වැඩ භාරගැනීමට නියමිතය.