බ්‍රිතාන්‍යයේ සංචාරක රතු ලැයිස්තුවට තවත් රටක් ඇතුළත් වෙයි

බ්‍රිතාන්‍යයේ සංචාරක රතු ලැයිස්තුවට තවත් රටක් ඇතුළත් වෙයි
බ්‍රිතාන්‍යයේ සංචාරකයන් පැමිණීමේ රතු ලැයිස්තුවට අලුතින් ඉන්දියාව ඇතුළත් කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
ඉන්දියාව තුළ කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරීයාම සැලකිල්ලට ගනිම් මෙම තීරණය ගැනීමට මහා බ්‍රිතාන්‍ය කටයුතු කර ඇත.
 
එම තීරණයට අනුව එළැඹෙන සිකුරාදා දින බ්‍රිතාන්‍ය වේලාවෙන් අලුයම 04.00ට ගතවු දින 10 තුළ ඉන්දියාවේ සචාරය කර ඇති කිසියම් අයෙකු වෙතොත් බ්‍රිතාන්‍යට ඇතුළුවීමට අවසර හිමි නොවෙනු ඇත.
 
එමෙන්ම, බ්‍රිතාන්‍ය හෝ අයර්ලන්ත විදේශ ගමන් බලපත්‍රයක් සහිත අයෙකු වෙතොත් රටට ඇතුළුවීමට අවසර හිමිවන අතර දින 10ක් රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක  නිරෝධායනයකින් අනතුරුව මුදා හරින බවත් සඳහන්.
 
මේවනවිට ඉන්දියාඒ පැතිරීයන කොවිඩ් ප්‍රභෙදය වැළඳී ඇති ආසාදිතයින් 103 දෙනෙකු පසුගිය 19 වෙනි දින බ්‍රිතාන්‍යයෙන් හමුවී  තිබෙන බවත් සෞඛ්‍ය ලේකම් මැට් හැංකොක් ප්‍රකාශ කර තිබුණි.