එක්සත් අරාබි එමීරය භූකම්පන දෙකකින් සෙලවෙයි

එක්සත් අරාබි එමීරය භූකම්පන දෙකකින් සෙලවෙයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ ජාතික භූ කම්පන ජාලය විසින් කළ නිවේදනයට අනුව සඳුදා අලුයම් කාලයේ එරට Fujairah හි සුළු භූකම්පන දෙකක් සිදුව  ඇති බව නිවේදනය කර ඇත.
 

රික්ටර් පරිමාණයේ 3.1 ක භූමිකම්පාවක් Dibba Al Fujairah හි මැයි මස 24 වෙනිදිඅ අලුයම 4.54ට වාර්තා වී තිබූ අතර දෙවන භූකම්පනය එම කලාපයේම රික්ටර් පරිමාණයේ 2.3 ලෙස සටහන් වූ බව සඳහන්.

මෙම කම්පන දෙක කිසිදු බලපෑමක් හෝ හානියක් නොමැතිව තත්පර කිහිපයක් නිවැසියන්ට දැනුණු බවයි ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය ප්‍රකාශ කරන්නේ.

මෙම භූ කම්පනවලට හේතුව ප්‍රදේශයේ භූමි දෝෂ තිබීම බව මධ්‍යස්ථානය පෙන්වා දෙන අතර පසුගිය වසර 10 තුළ ප්‍රදේශයේ භූ කම්පන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමෙන් පසුව මෙම භූ කම්පන ස්වාභාවිකව හටගන්නා ක්‍රියාවක් බවත් වර්ෂය තුළ කිහිප වතාවක් සිදුවිය හැකි බවත් නිවේදනය කර ඇත.