ඩෙල්ටා නිසා මුළු යුරෝපයම නොසන්සුම්

ඩෙල්ටා නිසා මුළු යුරෝපයම නොසන්සුම්

යුරෝපය නව කොවිඩ් රැල්ලක අවදානමේ පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ගත වූ සතිය තුළ පමණක් යුරෝපයේ නව ආසාදිතයින් වාර්තාවීම සියයට 10කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ප්‍රධානී හෑන්ස් ක්ලූග් ප්‍රකාශ කර ඇත.

නව කොවිඩ් ප්‍රභේද ව්‍යාප්තවීම, පුද්ගල එක්රැස්වීම්, එන්නත්කරණ ක්‍රියාවලියේ දුර්වලතා ආදී කරුණු, පවතින අවදානම ඉහළයාමට හේතු වී ඇති බව ඔහු සඳහන් කර තිබේ.

විශේෂයෙන් සීඝ්‍රයෙන් ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය යුරෝපා රටවල් රැසකට දැඩි තර්ජනයක් වී ඇති  හෑන්ස් ක්ලූග් මහතා ප්‍රකාශ කර ඇත.

අගෝස්තු මස අවසානය වන විට යුරෝපා රටවලින් වාර්තා වන ආසාදිතයින්ගෙන් සියයට 90කටම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හේතු විය හැකි බවට යුරෝපා සංගමයේ වසංගත රෝග පාලන ඒජන්සිය ද අනතුරු අඟවා තිබේ.