නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර තවදුරටත් වැසේ

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර තවදුරටත් වැසේ
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර තවදුරටත් වසා දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්තා ආඩ්න් තීරණය කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 

ඒ අනුව මිලියන 1 යි දශම 7 ක ජනතාවක් වෙසෙන නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නගරය ලබන 21 වනදා දක්වා වසා තැබෙනු ඇති. 

එම නගරය තුළ ඩෙල්ටා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වෙමින් ඇති බැවින් මෙලෙස නගරය තවදුරටත් වසා තැබෙන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ. 

ඕක්ලන්ඩ් නගරය තුළ වෛරසය විශාල වශයෙන් පැතිරීමක් සිදුනොවන නමුත් නව රෝගීන් හඳූනා ගන්නා තෙක් අවදානම පවතින බව ඇය සඳහන් කළා.

ඕක්ලන්ඩ් නගරය වසා දැමීමේ කාලය දීර්ඝ කලත් පනවා තිබූ නිරෝධායන සීමා ලිහිල් කිරීමක් සිදුකර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. කෙසේවෙතත් නගරයේ කාර්යාල, පාසැල් සහ ජනාකීර්ණ ස්ථාන වසා තැබෙන බවත් සඳහන්.