නවසීලන්තය කොරෝනා වෛරසය සමඟ ජීවත්වීමට සැරසෙයි

නවසීලන්තය කොරෝනා වෛරසය සමඟ ජීවත්වීමට සැරසෙයි
නවසීලන්තය දිනක් ඇතුළත සිය ජනගහනයෙන් සියයට 2.5කට ආසන්න පිරිසක් එන්නත් කර ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික දත්ත සඳහන් කරන අතරම මේ වනවිට ‘කොවිඩ්-19’ පාලන සහ කළමනාකරණය සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ උපායමාර්ග වෙනස් කරමින් වයිරසය සමඟ ජීවත් වීමට සූදානම් වෙමින් සිටින බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.
 

ඒ සඳහා ඔවුන් සිය එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට පටන් ගෙන ඇති අතර ඉරිදා දිනයේදී පමණක් එන්නත් කර ඇති ගණන 124,669කි.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් විසින් ප්‍රකාශ කරන්නේ ,“අපි අපේ රට වෙනුවෙන්, ඉලක්කයක් තබා තිබෙනවා. අපි එම ඉලක්කයට ළඟා වෙමු. අපි 150,000 ඉලක්කයට යමු. හොඳින් ලොකුවට කරමු. නැතිනම් ගෙදර යමු” ලෙසයි.

සිය උපායමාර්ග වෙනස් කරමින් නවසීලන්තයේ එන්නත් ලබාගැනීමට සුදුසු සමස්ත ජනගහනය වේගයෙන් සම්පූර්ණයෙන් එන්නත් රජය තීරණය කර ඇත. ඒ අනුව මෙලෙස ‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහන වේගවත් කර ඇත.

නවසීලන්තයෙන් සෙනසුරාදා දිනයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 41 දෙනකු වාර්තා වූ අතර එයින් 40 දෙනකු වාර්තා වී ඇත්තේ ඕක්ලන්ඩ් නුවරිනි. ඕක්ලන්ඩ් යනු නවසීලන්තයේ විශාලතම නගරය යි. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය නිසා ඕක්ලන්ඩ් නුවර ඉකුත් අගෝස්තු මාසයේ මැද සිට ලොක්ඩවුන් සීමාවලට යටත්ව තිබිණි.

එන්නත් ලබාගැනීමට සුදුසු ජනගහනයෙන් සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස සියයට 90ක් වූ දැඩි සීමා අවසන් කිරීමට නවසීලන්ත බලධාරීහු අපේක්ෂාවෙන් සිටිති.

ඉකුත් සිකුරාදා වනවිට නවසීලන්තය සුදුසුකම් ලබා සිටි ජනගහනයෙන් සියයට 62ක් සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක් කර තිබූ අතර සියයට 83ක් පළමු එන්නත ලබා තිබිණි. ‌

සෙනසුරාදා දිනයේ දී රට පුරා එන්නත්කරණ මධ්‍යස්ථාන විවෘත කර තිබූ අතර ඒවා පමණක් නොව ආහාර පාන අලෙවි සැල්, උද්‍යාන ද විවෘත කර තිබිණි. එන්නත්කරණයට ලක්වූ පිරිස්වලට ජනතාව රසකැවිලි ලබාදෙන අයුරු දක්නට ලැබුණු බව ද නවසීලන්ත මාධ්‍ය වාර්තා කර තිබිණි