නවසීලන්තයේ ඔක්ලන්ඩ් තවදුරටත් වැසෙයි

නවසීලන්තයේ ඔක්ලන්ඩ් තවදුරටත් වැසෙයි

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය තවත් සති 2ක කාලයක් වසා තැබීමට එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩන් තීරණය කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

එමෙන්ම කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමටද කටයුතු කරන බව ඇය පැවසුවාය.

පසුගිය අගෝස්තු මාසයේ සිට ඔක්ලන්ඩ් නගරය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.