කුවේට් එයාර්වේස් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අත්හිටුවයි

කුවේට් එයාර්වේස් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අත්හිටුවයි

ලොව ප්‍රධාන පෙළේ ගුවන් සමාගමක් වන කුවේට් එයාර්වේස් සමාගම ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සිය ගුවන් සේවාවේ ගමන් මේ සතියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ලබන සතියේ සිට ඔවුන් එම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දේශීය නියෝජිත ආයතන විසින් හිඟ මුදල් ගෙවීමට අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

මෙම තත්වය මත පසුගිය වසරේ ද සැප්තැම්බර් මස සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් සීමා කර තිබුණි.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාව වෙත ගමන් කරනු ලැබුවේ සතියකට එක් ගුවන් යානයක් පමණයි

බටහිර ආසියාවේ සහ ගල්ෆ් රාජ්‍ය වල රැකියා සදහා පිටත්ව යාමට ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් කුවේට් එයාර්වේස් භාවිත කරනවා