ඕස්ට්‍රේලියාව කොවිඩ් නීති තව තවත් ලිහිල් කරයි

ඕස්ට්‍රේලියාව කොවිඩ් නීති තව තවත් ලිහිල් කරයි

විදෙස් සංචාරකයන් සඳහා පනවා තිබූ ‘Covid 19’ රෙගුලාසි තවත් ලිහිල් කිරීමට ඕස්ටේ‍්‍රලියානු රජය තීරණය කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට මෙම තීරණයත් සමඟ ඉදිරියේ දී, ‘Covid 19’වෛරසයට එරෙහිව එන්නත් ලබාගෙන තිබෙනවා ද නැද්ද යන්න ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන සංචාරකයන්ගෙන් විමසා බැලීමක් සිදු නොවනු ඇති බවයි.

එමෙන්ම,‘Covid 19’ ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන තිබෙනවාද නැද්ද යන තොතුරු ගුවනින් පැමිණෙන සංචාරකයන්ට පමණක් නොව, නෞකාවලින් පැමිණෙන සංචාරකයන්ට ද අදාල වන්නේ නැතැයි ලෙසද ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ මේවනවිට නිවේදන නිකුත්කර තිබේ.