මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් පසු ලෝකයේ වෙනසක්: එය සිදුවන්නේ කෙසේ ද?

kamala-harris-and-donald-trump-the-world

2023 පෙබරවාරි මාසයේදී යුක්ක්‍රේන ජනාධිපති විලැදිමීර් සෙලෙන්ස්කිට සහය දැක්වීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හදිසි සංචාරයක් අතරතුර කීව් හරහා ගමන් කරද්දී, වායු සයිරන් නළා හැඬවෙමින් තිබිණි. "මට කුමක් හෝ දැනුණා... මීට කලින් දැනුණාට වඩා ශක්තිමත් බවක්," පසුව ඔහු ආවර්ජනය කළේ ය. "ඇමෙරිකාව මුළු ලෝකයට ම ආලෝකයක්."

ලෝකය දැන් බලා සිටින්නේ, ලබන සතියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඇමෙරිකානුවන්ගේ තේරීම සිදු කළ පසු මෙම අනන්‍ය වූ ආලෝකය භාර ගන්නේ කවුරුන්ද කියා යි. "මෙම කලබලකාරී කාලයන්හිදී ඇමෙරිකාවට පැහැදිලිව ම පසු බැසිය නොහැකි යි," යන ස්ථිර විශ්වාසයෙන් කමලා හැරිස් බයිඩ්න්ගේ ගිය මග අනුගමනය කරයි ද? එසේ නැතහොත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ "ගෝලීයවාදය නොව ඇමෙරිකානුවාදය," ක්‍රියාත්මක වෙයි ද?

අප ජීවත් වන්නේ, ඇමෙරිකාවේ ගෝලීය බලපෑමේ වටිනාකම් ප්‍රශ්න කෙරෙමින් පවතින ලෝකයක ය. ප්‍රාදේශීය බලවතුන් ඔවුන්ට අනන්‍ය වූ ගමනක නිරත වෙද්දී, ඒකාධිපති තන්ත්‍රයන් ඔවුන්ගේ ම සන්ධානයන් නිර්මාණය කරන අතර, ගාසාවේ, යුක්ක්‍රේනයේ සහ තවත් තැන්වල පවතින විනාශකාරී යුද්ධ, වොෂිංටන්හි ක්‍රියාකලාපය ගැන අපහසුවට පත් කරන ප්‍රශ්න ඇති කරයි. නමුත් ඇමෙරිකාවට වැදගත් වන්නේ, එහි ආර්ථික මිලිටරි වෑයම කෙසේ වේවි ද, සහ බොහෝ සන්ධානවල එහි ප්‍රධාන භූමිකාව යි. මෙම අතිශය වැදගත් මැතිවරණයේ ගෝලීය ප්‍රතිවිපාකයන්ගේ ඔවුන්ගේ පිළිබිඹුව දැනුවත් නිරීක්ෂකයන් කිහිප දෙනෙකු වෙත මම හැරුණෙමි.

මිලිටරි ශක්තිය

Palestinians sit next to a fire in the rubble of their destroyed home in Khan Younis

| ඛාන් යුනිස්හි විනාශ වූ සිය නිවාසයේ සුන්බුන් මත ගිනි මැලයක් දල්වාගෙන සිටින පලස්තීනුවන්

නේටෝහි හිටපු නියෝජ්‍ය මහ ලේකම් රෝස් ගොටමෝලර් පවසන්නේ, "මට මේ අනතුරු ඇඟවීම්වලට සීනි තවරන්න බෑ," යනුවෙනි. "නේටෝවෙන් ඉවත් වීමේ ඔහුගේ තර්ජනය සියලු දෙනාගේ කන්වල රැව්පිළිරැව් දීමත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ යුරෝපයට බියකරු සිහිනයක්."

වොෂිංටන්හි ආරක්ෂක වියදම් අනෙක් නේටෝ සාමාජික රටවල් 31 දෙනාගේ මිලිටරි අයවැයවලින් තුනෙන් දෙකකි. නේටෝවෙන් පිටත, චීනය සහ රුසියාව ඇතුළු මීළඟ රටවල් 10හි වියදම් එකතු කළ විට ලැබෙන මුදලටත් වඩා වැඩි මුදලක් ඇමෙරිකාව වියදම් කරයි.

අනෙකුත් නේටෝ රටවල්වලට - 2024 දී මෙතෙක් රටවල් 23ක් පමණක් ඉල්ලකයට ළඟා වී ඇති, ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%ක් වන ඔවුන්ගේ වියදම් ඉලක්ක ළඟා කර ගැනීමට බලකරන දුෂ්කර ක්‍රීඩාවක් ඔහු ක්‍රීඩා කරමින් සිටින බවට ට්‍රම්ප් පුරසාරම් කියයි. නමුත් ඔහුගේ නොමගයවනසුලු ප්‍රකාශ තවමත් එකිනෙකට විරුද්ධ ය.

ගෝටමෝලර් විශ්වාස කරන්නේ හැරිස් ජයග්‍රහණය කළහොත්, "නේටෝව වොෂිංටනයේ වඩාත් හොඳ අතකට යන බවට සැකයක් නොමැති," බව ය. නමුත් ඇය ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් ද කළා ය. "යුක්‍රේනයේ ජයග්‍රහණය ළඟා කර ගැනීම සඳහා නේටෝව සහ යුරෝපා සංගමය සමග දිගට ම වැඩ කිරීමට ඇය සූදානම් වනු ඇති නමුත් ඇය යුරෝපයට පීඩනය එල්ල කිරීමෙන් පසුබසින එකක් නෑ."

එහෙත්, ධවල මන්දිරයේ හැරිස්ගේ කණ්ඩායමට ඉක්මනින් රිපබ්ලිකන් පක්ෂයට අතට පත් විය හැකි සෙනෙට් සභාව හෝ පාර්ලිමේන්තුව සමග පාලනය කිරීමට සිදුවනු ඇත්තේ, ඩිමොක්‍රටික් සගයන්ට වඩා විදේශීය යුද්ධවලට පිටුබලය දීමට අඩු නැඹුරුවක් ඇති සභිකයින් සමග ය. කවුරුන් ජනාධිපති වුව ද ප්‍රශ්නයක් නැතැයි යන හැඟීම වර්ධනය වෙමින් ඇති අතර, ඇමෙරිකාවේ නීති සම්පාදකයන් දැවැන්ත ආධාර පැකේජ අනුමත කිරීමට පසුබට වන නිසා මෙම යුද්ධයෙන් මිදීමට මගක් සොයා ගැනීමට යුක්‍රේනය වෙත පීඩනය එල්ල කරනු ඇත.

ගෝටමුලර් පවසන්නේ, කුමක් සිදුවුව ද, "මම විශ්වාස කරනවා නේටෝව කඩා වැටෙන්න ඕන නෑ කියලා," යනුවෙනි. යුරෝපය "පෙරමග ගැනීම සඳහා ඉදිරියට පැමිණිය යුතු යි."

සාම දූතයා?

සීතල යුද්ධයෙන් පසු එහි විශාලතම බල ඝට්ඨනයේ දැඩි අවදානමට මුහුණ දෙමින් සිටින ලෝකයක් සමග වැඩ කිරීමට මීළඟ ඇමෙරිකානු ජනාධිපතිවරයාට හෝ වරියට සිදුවනු ඇත.

"සාමය සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකාව වඩාත් ම ප්‍රතිඵලදායක ජාත්‍යන්තර භූමිකාව ලෙස ක්‍රියාත්මක වෙනවා", International Crisis Groupහි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී කම්ෆර්ට් ඊරෝ මට පවසයි. "නමුත් එහි බලය ගැටුම විසඳන්න දෙන සහය ප්‍රමාණවත් නෑ," යැයි ඇය අනතුරු ඇඟවීමක් කළා ය.

යුද්ධ අවසන් කිරීම අන් කවරදාටත් වඩා දුෂ්කර වී තිබේ. "විශාල බලවතුන්ගේ තරගය වේගවත් වීම සහ මධ්‍යම බලවතුන් වර්ධනය වීමත් එක්ක දරුණු ගැටුම් විශාල වශයෙන් පාලනය කරන්න බැරි වෙමින් තියෙනවා," යනුවෙන් ඊරෝ පැහැදිලි කළා ය. යුක්ක්‍රේනයේ වැනි යුද්ධ බලවත් රටවල් ගණනාවක් එක්වීමෙන් සිදු වන්නාක් මෙන් සුඩානයේ වැනි යුදබිය, එකිනෙකාට විරුද්ධ වුවමනාවන් ඇති කලාපීය තරගකරුවන්ට හේතු වන අතර, ඇතැමුන් සාමයට වඩා යුද්ධයට ආයෝජනය කර තිබේ.

ඇමෙරිකාව සදාචාරයේ උච්චස්ථානය අහිමි කර ගනිමින් සිටින බවට ඊරෝ කරුණු දක්වයි. "යුක්ක්‍රේනයේ රුසියානු ක්‍රියාකාරකම්වලට එක් ස්ථාවරයක් සහ ගාසා තුළ ඊශ්‍රායලට දී ඇති ස්ථාවරය ගැන ගෝලීය ක්‍රියාකාරීන් හඳුනාගෙන තියෙනවා. සුඩානයේ යුද්ධය දරුණු බවක් පෙනෙන නමුත් එය දෙවන පෙළ ප්‍රශ්නයක් විදිහට යි සලකන්නේ."

ඇය පවසන්නේ හැරිස් ජය ගතහොත් "වත්මන් පරිපාලන ක්‍රමවේදය වෙනුවෙන් ඇය අඛණ්ඩව පෙනී සිටිනු ඇති," බව ය. ට්‍රම්ප් ජය ගතහොත් ඔහු, "ගාසා සහ වෙනත් තැන් තුළ වඩාත් නිදහසක් ඊශ්‍රායලට ලබා දිය හැකි අතර, ඔහු මොස්කව් සම්බන්ධයෙන් යුක්ක්‍රේනය අනුගමනය කරන ගනුදෙනුව කපා හැරීමට උත්සහ කරන බව හඟවා තිබෙනවා."

ඊශ්‍රායලය සතු "තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය," වෙනුවෙන් බයිඩ්න්ගේ පෙනී සිටීම ඩිමොක්‍රටික් අපේක්ෂිකාව නැවත නැවත ප්‍රතිරාවය කර තිබේ. නමුත් ඇය "අහිංසක පල්ස්තීනුවන් ඝාතනය කිරීම නතර කළ යුතු බව," ද අවධාරණය කර තිබේ.

ට්‍රම්ප් ද ප්‍රකාශ කර ඇත්තේ, "සාමයට නැවත අවතීර්ණ වීම සහ මිනිසුන් මරා දැමීම නැවැත්වීමට," කාලය එළඹ ඇති බව ය. නමුත් වාර්තා වන පරිදි ඔහු ඊශ්‍රායල නායක බෙන්ජමින් නෙතන්යාහුට පවසා ඇත්තේ "ඔබට කිරීමට ඇති දේ කරන්න," යනුවෙනි.

රිපබ්ලිකන් අපේක්ෂකයා තමා සාම නියෝජිතයෙකු යැයි තමා ගැන ආඩම්බර වෙයි. "මම මැද පෙරදිග කලාපයේ සාමය ඇති කරනවා, ඉතා ම ඉක්මනින්," යැයි ඉරිදා රාත්‍රියේ සෞදි අරාබියේ අල් අරාබියා ටීවී සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු ප්‍රතිඥා දුන්නේ ය.

2020 ඒබ්‍රහම් සම්මුතිය පුළුල් කීරීමට ඔහු පොරොන්දු වී තිබේ. මෙම ද්වී පාර්ශවික ගිවිසුම් ඊශ්‍රායලය සහ අරාබි රටවල් කිහිපයක් අතර සම්බන්ධතා සාමාන්‍යකරණය කළ නමුත්, පලස්තීනුවන් පසෙකට දමා පෙර නොවූ විරූ වත්මන් අර්බුදයට මූලික වශයෙන් දායක වූ බව පුළුල් ලෙස පෙනෙන්නට තිබේ.

යුක්ක්‍රේනය සම්බන්ධයෙන් ගත් කල, ට්‍රම්ප් කිසිවිටෙකත් රුසියාවේ වැලැදිමීර් පුටින් වැනි ශක්තිවන්තයෙකුට ඔහුගේ ඇති ඇල්ම සඟවා නැත. ඔහුට යුක්ක්‍රේනයේ යුද්ධය සමග ඇමෙරිකාවේ දැවැන්ත මිලිටරි සහ මූල්‍ය ආධාර ද අවසන් කිරීමට අවශ්‍ය බව ඔහු පැහැදිලිව පවසා ඇත. "මම ඉවත් වෙනවා, අපට ඉවත් වෙන්න සිදුවෙනවා," ඔහු මෑතක පැවති රැළියකදී ස්ථිර ලෙස පැවසුවේ ය.

Volodymyr Zelensky and Kamala Harris shake hands on a stage in front of the Ukrainian flag and the US flag

ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් හැරිස් පළ කළා ය: "යුක්ක්‍රේනය සමග සිට ගැනීම ගැන මම ආඩම්බර වෙනවා. මම අඛණ්ඩව යුක්ක්‍රේනය සමග සිටගන්නවා. මේ යුද්ධයේ යුක්ක්‍රේන ජයග්‍රහණය තහවුරු කිරීමට මම වැඩ කරනවා."

නමුත් ඊරෝ කණස්සල්ලට පත්ව සිටින්නේ කවුරුන් තේරී පත් වූවත් ලෝකය තුළ ක්‍රියාත්මක වන දේවල් නරක අතට හැරෙනු ඇතැයි අනුමාන කරමිනි.

චීනය සමග ගනුදෙනු

"දශක ගණනාවකට ලෝක ආර්ථිකයේ ලොකු ම කම්පනය." චීනයෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 60%ක තීරු බද්දක් පැනවීමේ ට්‍රම්ප්ගේ යෝජනාව පිළිබඳව ප්‍රමුඛ පෙළේ චීන විද්වතෙකු වන රානා මිටර් පැහැදිලි කළ ආකාරය යි.

චීනය සහ තවත් බොහෝ වෙළඳ සහකරුවන් මත අධික බදු බරක් පැටවීම, ට්‍රම්ප්ගේ "පළමුව ඇමෙරිකාව" යන ප්‍රවේශයේ නිතර ඇසෙන තර්ජනයකි. නමුත් ජනාධිපති ෂී ජිංපිං සමග ඔහුගේ ශක්තිමත් පෞද්ගලික සම්බන්ධතාව ලෙස ඔහු දකින දෙය පිළිබඳව ද ඔහු වර්ණනා කරයි. ඔහු වෝල් ස්ට්‍රීට් ජර්නලයේ කර්තෘ මණ්ඩලයට පැවසුවේ, තායිවානය වැටලීමට බීජිං පියවර ගතහොත් ඔහුට හමුදා බලය යෙදවීමට සිදු නොවන්නේ චීන නායකයා "මට ගරු කරනවා සහ ඔහු දන්නවා මට පිස්සු කියලා," යනුවෙනි.

නමුත් ප්‍රධාන ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් [අපේක්ෂකයෝ] දෙදෙනා ම දඩයම්කරුවෝ ය. බීජිං යනු ඇමෙරිකාව අපකිරීතියට ලක්කීරිමට උත්සහ කරන වඩාත් වැදගත් බලවතා ලෙස දෙදෙනා ම දකිති.

නමුත්, හාවර්ඩ් කෙනඩි පාසලේ ඇමෙරිකා-ආසියා සම්බන්ධතා පිළිබඳ සභාපතීත්වය දරන බ්‍රිතාන්‍ය ඉතිහාසඥ මිටර් ඇතැම් වෙනස්කම් දකියි. ඔහු පවසන්නේ හැරිස් සමග, "සම්බන්ධතා ඒවා දැන් තිබෙන ස්ථානයේ සිට රේඛීයව වර්ධනය වනු ඇති බව," ය. ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත් එය වඩාත්, "අස්ථිර දර්ශනයකි." මිටර් කරුණු දක්වන්නේ උදාහරණයක් වශයෙන් ඇමෙරිකාවෙන් වඩාත් ඈතින් ඇති දූපතක් ආරක්ෂා කිරීමට ඔහු පැමිණේවි ද යන ට්‍රම්ප් පිළිබඳ සැකමුසු හැඟීම ය.

චීන නායකයන් විශ්වාස කරන්නේ, හැරිස් සහ ට්‍රම්ප් දෙදෙනා ම දරදඬු පුද්ගලයින් බව ය. මිටර් එය දකින්නේ "ප්‍රතිස්ථාපිත කුඩා කණ්ඩායම් හැරිස්ට අනුග්‍රහය දක්වන්නේ 'ඔබ දන්නා හොඳ ම ප්‍රතිවාදියා' විදිහට. සැලකිය යුතු සුළුතරයක් ට්‍රම්ප්ව දකින්නේ චීනය සමග විශාල කේවල් කිරීමකට යා හැකි අනපේක්ෂිත ව්‍යාපාරිකයෙකු ලෙස වන නමුත් එය සිදුවෙයි ද කියන දේ සැකයක්," යනුවෙනි.

දේශගුණික අර්බුදය

"ඇමෙරිකානු මැතිවරණය එහි පුරවැසියන්ට පමණක් නොව සමස්ත ලෝකයට ම විශාල වශයෙන් වැදගත් වන්නේ දේශගුණික සහ ස්වභාවික අර්බුදයට බලගතු විධානයක් ලබා දෙන නිසා," යැයි නෙල්සන් මැන්ඩෙලා විසින් ආරම්භ කරන ලද ලෝක නායකයින් කණ්ඩායමක් සහ අයර්ලන්තයේ හිටපු ජනාධිපති සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් විසින් ආරම්භ කරන ලද එල්ඩර්ස් කණ්ඩායමේ සභාපති මේරි රොබින්සන් පවසයි.

"දේශගුණික විපර්යාසවල නරක ම බලපෑම් වළක්වා ගැනීමට සහ විනාශකාරී මිල්ටන් සුළිකුණාටුව වැනි ඒවා අනාගතයේදී සාමාන්‍යයක් වීම වැළැක්වීමට සියලු පියවර ගත යුතු යි," ඇය එක් කළා ය.

Sign

එහෙත්, මිල්ටන් සහ හෙලීන් සුළි කුණාටු ඇති වූ විට, ට්‍රම්ප් මෙම දේශගුණික හදිසි අවස්ථාවට මුහුණ දීම සඳහා සැකසූ පාරිසරික සැලසුම් සහ ප්‍රතිපත්ති “සමස්ත කාලය තුළ සිදු වූ විශාලතම වංචාව” ලෙස උපහාසයට ලක් කළේ ය. ඔහුගේ පළමු වාරයේදී මෙන් 2015 පැරිස් කාලගුණ ගිවිසුමෙන් ඔහු ඉවත් වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරති.

කෙසේ වෙතත්, රොබින්සන් විශ්වාස කරන්නේ දැන් එකතු වන දුමාරයේ ගම්‍යතාව ට්‍රම්ප්ට නැවැත්වීමට නොහැකි බව ය. "ඔහුට ඇමෙරිකානු බලශක්ති වෙනස්වීම් නවත්වන්න සහ ඩොලර් බිලියන ගණනක හරිත සහනාධාර නවත්වන්න බෑ... ඒ වගේ ම ෆෙඩරල් නොවන ඉතා ක්‍රියාකාරී දේශගුණික ක්‍රියාකාරකම් නවත්වන්නත් බෑ."

ඇය, තවමත් තමන් සිට ගන්නා ස්ථානය හෙළිකර නොමැති හැරිස්ට ද බල කරන්නේ, "නායකත්වය පෙන්වීමට, මෑත වසරවල ගම්‍යතාවයෙන් ගොඩනැගීමට, සහ වේගයක් ගැනීමට අනෙකුත් විමෝචක පෙළඹවීමට," ඉදිරියට එන ලෙස ය.

මානුෂීය නායකත්වය

"මිලිටරි හා ආර්ථික ශක්තියෙන් පමණක් නොව, ගෝලීය වේදිකාවේ සදාචාරාත්මක අධිකාරිත්වය සමග නායකත්වය දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඇමෙරිකාවට ඇති අසමසම බලපෑම සැලකිල්ලට ගත්තා ම ඇමෙරිකානු මැතිවරණයේ ප්‍රතිඵලය විශාල වැදගත්කමක් දරනවා," යැයි මෑතක් වන තුරු එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහ ලේකම්වරයා සහ හදිසි සහන සම්බන්ධීකාරක ලෙස සේවය කළ, ප්‍රවීණ ගැටුම් මැදිහත්කරුවෙකු වන මාර්ටින් ග්‍රිෆිත්ස් පවසයි.

හැරිස් ජයග්‍රහණය කළහොත් ඉතා යහපත් බව ඔහුගේ අදහස යි. "හැරිස්ගේ ජනාධිපතිකම ඒ බලාපොරොත්තුව නියෝජනය කරනවා," ඔහු මට පැවසුවේ ය. ඊට ප්‍රතිවිරුද්ධව, "ට්‍රම්ප් ජනාධිපති වුණොත් හුදෙකලාවීම සහ ඒක පාර්ශවීයත්වය මත ගෝලීය අස්ථාවරත්වය බලාපොරොත්තු විරහිත, තරමක් ගැඹුරු වනු ඇති."

එක්සත් ජාතීන්ගේ ක්‍රමවේදය සැලකිල්ලට ගැනීමේදී විශාලතම තනි පරිත්‍යාගශීලියා ඇමෙරිකාව යි. 2022 දී ඔවුහු, වාර්තාගත ඩොලර් බිලියන 18.1ක් (පවුම් බිලියන 13.9)ක් පරිත්‍යාග කළහ.

නමුත් ට්‍රම්ප්ගේ පළමු ධූර කාලයේදී ඔහු එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන කිහිපයක අරමුදල් කපා හැර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද ඉවත් විය. ට්‍රම්ප්ට සිදුවීමට අවශ්‍ය වී තිබූ ආකාරයෙන් අනෙකුත් පරිත්‍යාගකරුවන් ඉතා අපහසුවෙන් එම හිඩැස් සම්පූර්ණ කළ හ.

නමුත් ග්‍රිෆිත්ස් මතු කරන්නේ, මානුෂීය සමාජය තුළ බලාපොරොත්තු සුන්වීම, ගැඹුරු වීම සහ ඉන් ඔබ්බට, මැද පෙරදිග පිරිහෙන තත්ත්වය හමුවේ, බයිඩ්න්ගේ පරිපාලනයේ "කල්මැරීම" විවේචනය කළ යුතු බව ය. ඊශ්‍රායලයේ සිවිල් වැසියන්ට ඔක්තෝබර් 7 වන දා එල්ල වූ ඉතා දරුණු හමාස් ප්‍රහාරය නැවත නැවතත් සහනාධාර නියෝජිතායතන ප්‍රධානීන් හෙළා දැක තිබේ. නමුත් ඔවුන් නැවත නැවතත් ඇමෙරිකාවට පවසන්නේ, ගාසා පමණක් නොව ලෙබනනයේ ද සිටින සිවිල් වැසියන් සංහාරය නැවැත්වීමට, මීට වඩා වැඩි යමක් කරන ලෙස ය.

A billboard at a traffic intersection in Tehran shows the Iranian president and a Revolutionary Guards leader opposite Biden and Netanyahu. Three people walk in front of the billboard

| ඉරාන ජනාධිපති සහ එරට ආරක්ෂක ප්‍රධානියෙකුට මුහුණට මුහුණ ලා බයිඩ්න් සහ නෙතන්යාහු සිටින ආකාරය දැක්වෙන ටෙහෙරානයේ දැන්වීම් පුවරුවක්

බයිඩ්න් සහ ඔහුගේ ඉහළ නිලධාරීන් අඛණ්ඩව ගාසා වෙත වැඩි සහනාධාර ගලා ඒමට ඉල්ලා සිටි අතර, වරින් වර වෙනස් කම් සිදු කෙරිණි. නමුත් විවේචකයන් පවසන්නේ ආධාර සහ බලපෑම් කිසිසේත් ම ප්‍රමාණවත් නොවූ බව ය. ඇතැම් අත්‍යවශ්‍ය මිලිටරි ආධාර කපා හැරිය හැකි බවට මෑතදී කරන ලද අනතුරු ඇඟවීමක් ඇමෙරිකානු මැතිවරණය අවසන් වන තෙක් කල්දමන ලදී.

"සැබෑ නායකත්වය පැමිණෙන්නේ නොසැලෙන සදාචාරාත්මක පැහැදිලිකම සමග මානුෂීය අර්බුදයන්ට ආමන්ත්‍රණය කරමින්, මිනිස් ජීවිත ආරක්ෂා කිරීම ලෝක මට්ටමින් ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික සහ ක්‍රියාකාරීත්වය බවට පත් කිරීමෙනුයි," යනු ග්‍රිෆිත්ස් දකින කරන ආකාරයයි.

නමුත් ඔහු තවමත් විශ්වාස කරන්නේ, ඇමෙරිකාව අත් හළ නොහැකි බලවතෙකු බව ය. "ගෝලීය ගැටුම් සහ අවිනිශ්චිත කාලයක වගකිවයුතු, ප්‍රතිපත්තිසහගත නායකත්වයක් ඇති කිරීමේ අභියෝගය වෙනුවෙන් ඇමෙරිකාවේ නැගී සිටීමට ලෝකය කැමති යි... අපි තව ඉල්ලා සිටිනවා. අපට තව ලැබිය යුතු යි. සහ අපි තවත් ඉල්ලන්න එඩිතර වෙනවා."

(ලීස් ඩූසේ - ප්‍රධාන ජාත්‍යන්තර වාර්තාකරු / bbc/Sinhala)