සරණාගතයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 30ක් මරුට

සරණාගතයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 30ක් මරුට

ලිබියාවට ආසන්න මුහුදේදී සරණාගතයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් තිබෙන අතර ලිබියානු බලධාරී පවසන්නේ, සිරුරු රැසක් වෙරළට ගොඩගසා ඇති බවයි.

බොහෝ මළසිරුරු දැඩි ලෙස නරක් වී ඇති බැවින් මෙම අනතුර මීට දින දෙකකට පමණ පෙර සිදුවන්නට ඇති බවයි, බලධාරීන් පවසන්නේ.ලොව වැඩිම සරණාගත බෝට්ටු අනතුරු සිදුවන මුහුදු තීරය ලෙස සැළකෙන්නේ ද ලිබියාවට අයත් මුහුදු තීරයයි.

මීට දින කිහිපයකට පෙර ද මෙම ප්‍රදේශයේදීම බෝට්ටු අනතුරකින් 160 දෙනෙකුට ආසන්න පිරිසක් මියගියා.මේ වසරේ පමණක් සරණාගතයින් 1,500කට වැඩි පිරිසක් අනතුරුවලින් මියගොස් ඇතැයි, අන්තර්ජාතික ආයතන පෙන්වා දෙයි.

සරණාගතයින් රැගත් බෝට්ටු අනතුරට ලක්වීම මේ වසරේ ඉහළ ගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.