කොවිඩ් වසංගතයේ අවදානම නිසා නෙදර්ලන්තයත් සති 5ක් වසයි

කොවිඩ් වසංගතයේ අවදානම නිසා නෙදර්ලන්තයත් සති 5ක් වසයි
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් නෙදර්ලන්තය සති 05ක කාලයක් වසා තැබීමට එරට රජය තීරණය කර ඇථි බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
ඒ අනුව ඊයේ (15) දිනයේ සිට 2021 වර්ෂයේ ජනවාරි මස 19 වන දින දක්වා රට වසා දැමෙන බව එරට අග්‍රාමාත්‍ය මාර්ක් රූට්  මහතා ප්‍රකාශ කර ඇත්තේ.
 
ඒ අනුව සියලු පාසල්, අත්‍යවශ්‍ය නොවන වෙළෙදසැල් වසාදැමීමට පියවර ගෙන ඇති අතර අත්‍යාවශ්‍ය නොවන විදෙස් සංචාර ලබන මාර්තු මාසය දක්වා අත්හිටුවන ලෙස ද ඔහු දැනුම් තිබේ.
 
වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් එළඹෙන නත්තල් හා අලුත් අවුරුදු සමය වෙනුවෙන් යුරෝපයේ රටවල් කිහිපයක්ම සංචරණ කටයුතු සීමාකිරිම සඳහා නව කොන්දේසිද මේවනවිට පනවා තිබෙන බවත් සඳහන්.