මහා ගංවතුරට පකිස්තානයේ 500කට අධික ජීවිත ගණනක් බිලි වෙයි

මහා ගංවතුරට පකිස්තානයේ 500කට අධික ජීවිත ගණනක් බිලි වෙයි
පකිස්තානයේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි ගංවතුර තත්ත්වයෙන් මේ වන විට 500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
මෙම අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් නිවේදන නිකුත්කරමින් එරට ආපදා කළමණාකරණ අධිකාරිය පවසන්නේ, අධික වර්ෂාපතනය හා ගංවතුර හේතුවෙන් නිවාස 46,000කට අධික සංඛ්‍යාවක් මුලුමනින්ම විනාශ වී තිබෙන බවත් විපතට පත් පිරිස් සඳහා පුළුල් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක අතර, ආධාර හා සහන කඳවුරු රැසක් ස්ථාපනය කර තිබෙන බවයි.
 
එමෙන්මවිපතට පත් පවුල් නැවත පදිංචි කිරීම හා ආහාර, ඖෂධ, අනෙකුත් අවශ්‍යතා පහසුකම් කඩිනමින් සැපයීමට ද බලධාරින් පියවර ගෙන තිබෙන අතර එරට අගමැති ශෙබාස් ෂරීෆ් ආපදාවට ලක්වූ ප්‍රදේශ නිරීක්ෂණයට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ, විපතට පත් පිරිස් සඳහා හැකි උපරිමයෙන් ආධාර හා උපකාර ලබා දෙන බවයි.අධික ගංවතුර හේතුවෙන් මාර්ග රැසක් මුලුමනින්ම විනාශ වී තිබෙන අතර එම හේත්වෙන් ආපදාවට ලක්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම්ද වඩාත් දුෂ්කර වී තිබෙන බවත් සඳහන්.
 

පසුගිය වර්ෂවලට සාපේක්ෂව පකිස්තානයට මෙවර වාර්ෂාපතනය අසාමාන්‍ය තත්ත්වයක් බවත්, පසුගිය වසර 30ක කාලයේ පැවති වර්ෂාපතනයට වඩා මෙය 133%ක ඉහළ අගයක් ගන්නා බවත් කාලගුණ අංශ පෙන්වා දෙනවා.