ලංකාව ඇතුළු රටවල් 06කට සිංගප්පූරුවේ දොරටු විවර වෙයි

ලංකාව ඇතුළු රටවල් 06කට සිංගප්පූරුවේ දොරටු විවර වෙයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් සදහා මාස හයක් තිස්සේ පනවා තිබූ සංචාරක තහනම ලබන 27 වැනිදා සිට ඉවත් කිරීමට සිංගප්පූරු රජය තීරණය කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

සිංගප්පූරු රජය කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ හරහා පනවා තිබූ නිරෝධායන සීමාවන් තවදුරටත් ලිහිල් කරමින් ශ්‍රී ලංකාව ඇතුළ අදාළ රටවල්වලට එරෙහිව මෙම තහනම ඉවත්කර තිබෙන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරන්නේ.

ශ්‍රී ලංකාවට අමතරව , බංග්ලාදේශය, ඉන්දියාව ,මියන්මාරය ,නේපාලය , පකිස්ථානය යන රටවල පසුගිය සති දෙකේ සංචාරය කළ සංචාරකයින්ටද සිංගප්පූරුව විවෘත වන බවද එම කාර්යාලය කියා සිටී.

නමුත් එම රටවල සිට පැමිණෙන පිරිස් සිංගප්පූරු රජයේ විසින් පහසුකම් සලසා ඇති ස්ථානයන් හි ද , සිංගප්පූරු වැසියන් සිය නිවාස වල දින 10 රැදී සිටි යුතු බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.