කුවේටයට දින 09ක දිග නිවාඩුවක්

කුවේටයට දින 09ක දිග නිවාඩුවක්

කුවේටයේ ඊද් අල් අදා උත්සවය නිමිත්තෙන් දින නවයක දිගු නිවාඩු කාලයක් සඳහා කුවේටයේ කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවීමත් සමඟ එය ඉකුත්දා ප්‍රකාශයට පත්කෙරිණි.

ඒ අනුව 2021 ජූලි මස 18 වෙනි දින සිට දින නවයක් එනම් ජූලි 26 වෙනි දා දක්වා මෙම නිවාඩුව හිමිවෙයි.
 
තවද මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන පුද්ගලයින් 55,000ක් විදේශ රටවල සංචාරය කිරීම සඳහා අපේක්ෂාවෙන් සිටින බවත් ඒ සඳහා ගුවන් ගමන් 442ක් ක්‍රියාත්මක වීමට නියමිතව පවතින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.