කාර්යාංශයෙන් ලැබෙන ලක්ෂ 10ක නිවාස ණය පහසුකම ගැන ඔබ දැණුවත්ද?

කාර්යාංශයෙන් ලැබෙන ලක්ෂ 10ක නිවාස ණය පහසුකම ගැන ඔබ දැණුවත්ද?
විදෙස් රැකියාව අතරතුර පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව පැමිණි විගමණික ශ්රමිකයින්ට කාර්යාංශයෙන් රුපියල් ලක්ෂ දහයක නිවාස ආධාරයක්.
 
ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සදහා ගොස් සේවා ස්ථානයේදී සිදුවන අනතුරක් හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ නිවසක් නොමැති ශ්රමිකයින් සදහා නිවසක් සාදා ගැනීමට කාර්යාංශය මගින් “සහන නිවාස” වැඩසටහන යටතේ රුපියල් මිලියනයක මුදලක් ලබා දෙනු ලැබේ.
 
මෙම වැඩසටහන කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එක්ව ක්රියාත්මක වේ.
 
මෙම ව්යාපෘතියේ සියළු අධික්ෂණ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලැබේ..
 
රුපියල් ලක්ෂ 10ක මෙම ආධාර මුදල සම්පූර්ණයෙන්ම කාර්යාංශය මගින් ලබාදෙනු ලබන අතර, වාරික 6කින් මෙම ආධාර මුදල ගෙවා අවසන් කරනු ලැබේ.
මෙම නිවාස ආධාර මුදල් ලබාගැනීම සදහා ශ්රමිකයා විදේශ ගතවීමේදී කාර්යාංශයේ ලියාපදිංචිය ලබා තිබිම අනිවාර්ය වේ.
 
අයදුම් කරන පූර්ණ ආබාධිත අයට අයිතිවාසිකම් තිබෙන ඉඩමක් තිබිය යුතු අතර දැනටමත් නිවසක් හිමි අයෙකු නම් ආබාධිත පුද්ගලයෙකුට සරිලන පරිදි එය නවීකරණය කිරීමට මෙමගින් හැකියාව ලැබේ.
ලිඛිත ඉල්ලීමක් සමඟ ඔප්පුවේ පිටපතක්,පූර්ණ ආබාධිත බවට සනාථ කිරීමේ ලේඛන ඉදිරිපත් කළ යුතුය.
 
පදිංචි ප්රදේශයේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරී,ආසන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලය වෙතින් මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබෙන අතර ප්රධාන කාර්යාලයේ කලමනාකරු (සුබසාධන ) වෙතට ලියාපදිංචි තැපැල් මගින් ඉල්ලීම සමඟ ලේඛන ඉදිරිපත් කළ යුතුය.
 
වැඩි විස්තර සඳහා කළමනාකරු (සුබසාධන )
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අංක 234,ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත කොස්වත්ත බත්තරමුල්ල.
දුරකථන අංකය 0112864117
ඊමේල් ලිපිනය Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.

හෝ කාර්යාංශයේ 24 පැය තොරතුරු මද්යස්ථානය