අතරමං වූ ශ්‍රී ලාංකිකයින් 152ක් යළි පැමිණෙයි

අතරමං වූ ශ්‍රී ලාංකිකයින් 152ක් යළි පැමිණෙයි
වියට්නාම මුහුදු තීරයේ අතරමංවී සිටි ශ්‍රී ලාංකිකයින් 152 දෙනෙකු මෙරටට රැගෙනවිත් තිබේ.
 
එරට සිට විශේෂ ගුවන් යානයකින් එම පිරිස ඊයේ (27) රාත්‍රියේ මෙරටට රැගෙනආ බව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය විසින් නිවේදනය කර ඇත.
 
යාත්‍රාවක් මගින් මෙරටින් ගිය සංක්‍රමණිකයින් පිරිසක් පසුගිය නොවැම්බර් මස 08 වනදා වියට්නාමයේ මුහුදු තීරයේ අතරමංවී සිටියදී මුදාගෙන තිබුණි.
 
එහි පුද්ගලයින් 302 දෙනෙකු සිට ඇති අතර ඉන් 152 දෙනෙකු ඊයේ රාත්‍රියේ මෙලෙස මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.