වසර 18ක් මැදපෙරදිග සිරගෙයක දුක්විඳින බුද්ධිකාගේ කඳුළු කතාව

වසර 18ක් මැදපෙරදිග සිරගෙයක දුක්විඳින බුද්ධිකාගේ කඳුළු කතාව
අවුරුදු 18ක් පුරාවට තමන්ගෙ අම්ම තාත්තා පවුලෙ අනික් අය සමග කතා කරන්නටවත් නොහැකිව මැදපෙරදිග සිරගෙදරක ජීවිතය ගත කල ඇය බුද්ධිකා ජයරත්න.
 
ඇය මැදපෙරදිග එන්නේ නිවසක් සාදාගැනීමට ..ඇය සේවය කරන නිවසේ කෙනෙකු මරනයට පත් කිරීමෙන් ඇයට හිමි වන්නේ සිරගෙදර.
 
මේ අවුරුදු 18 පුරාවට ඇය,නිදා ගත්තෙ දිනකට පැය,දෙකකි නැතිනම් තුනකි ..තම කල පාපය නිසා හැමදාමත් ඇය දෙවියන්ගෙන් සමාව ඉල්ල ඉල්ල අඩනවා. සිරගෙයි සිටිනා අනික් කාන්තාවන්ට වඩා නිශ්ශබ්දව තමන්ගේ රාජකාරි කටයුතු කල ඇය සිරගෙයි කාගෙත් හිත් දිනා ගන්නට විය.
 
එහි ප්‍රතිපලයක් ලෙස බන්ධනාගාරයෙ නිළධාරින් ඇයව පුදුම කරවන්නට සතුටු කරවන්නට අපූරු තෑග්ගක් ලබා දෙනවා.අවුරුදු 18ක නොදැක්ක කතා නොකල ඇයගේ අම්ම පවුලේ අය සමග කතා කරන්නට ඇයට දුරකතනයෙන් අවස්ථාව ලබා දෙනවා..ඒ වගේම නිවසේ පවුලේ අයගෙ පින්තූර ලබා දෙනවා...
 
කොතරම් සංවේදි උනාද මා අපේම සහෝදරියකගේ ඉරනම කෙතරම් දුක් බරද. අවුරුදු 18කට පසු තම මව සමග කතා කරන්න අවස්තාව ලැබුනාම ඇයගේ හුස්ම හිර නොවීම පුදුමයකි..
 
 
උපුටා ගැනීම -සුදත් කුමාර ෆේස්බුක් පිටුවෙන්