ශ්‍රී ලාංකිකයින් 18ක් තමිල්නාඩුවේ රැකවරණය පතයි

ශ්‍රී ලාංකිකයින් 18ක් තමිල්නාඩුවේ රැකවරණය පතයි
ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික පුද්ගලයින් 18 දෙනෙකු 21 වෙනි දින රාත්‍රියේ සහ අද (22) අලුයම කණ්ඩායම් දෙකකින්  තමිල්නාඩුවේ රැකවරණ පතා රාමේශ්වරම් වෙත පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 
රැකවරණ පතා පැමිණි කණ්ඩායමේ මාස 4ක ගැබිණියක, අවුරුදු එක හමාරක ළදරුවෙකු සිටින බවත් එක් දවසක් තුළ දෙවෙනි වරට  පැමිණි වැඩිම ශ්‍රී ලංකික සරණාගතයින් සංඛ්‍යාව මෙය බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
 
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ඉහළ උද්ධමනය සහ විරැකියාව හේතුවෙන් විශේෂයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව කුඩා බෝට්ටුවල නැඟී නීති විරෝධීව රාමේශ්වරම් බලා පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වාදෙයි.
 
13 දෙනෙකු ගෙන් යුත් පළමු කණ්ඩායම මන්නාරම ධීවර වරායෙන් ගමන් අරඹා ඇති අතර 5 දෙනෙකුගෙන් යුත් දෙවැනි කණ්ඩායම යාපනයෙන් ගමන් අරඹා ඇති බව අනාවරණය වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 
මෙම 18 දෙනා යාපනය සහ මන්නාරම් ප්‍රදේශය පදිංචිකරුවන් බවත්, මේ දක්වා ශ්‍රී ලාංකික දෙමළ පුද්ගලයන් 60 දෙනෙකු සරණාගතයන් ලෙස තමිල්නාඩුවට පැමිණ ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියි.