මැදපෙරදිග ඇතුළු විදේශයේ සිටින ලාංකිකයින්ට වැදගත්වෙන නිවේදනයක්!

මැදපෙරදිග ඇතුළු විදේශයේ සිටින ලාංකිකයින්ට වැදගත්වෙන නිවේදනයක්!

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තවදුරටත් ප්‍රමාදවන බව, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාර්යාශයේ සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, රට තුළ පවතින වත්මන් තත්ත්වය යටතේ, එම ප්‍රමාදය සිදුවන බවයි.

එමෙන්ම, මැදපෙරදිග කලාපයේ රටවල රැකියා අහිමිව රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට එම රටවල පවතින නීතියට යටත්ව, නව රැකියා අවස්ථා සලසා දීමට පියවර ගන්නා ලෙසද ඉල්ලීමක් කර ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

විශේෂයෙන් මැදපෙරදිග රටවල රැකියා අහිමිව සිටින ලාංකිකයින්ට නව රැකියා අවස්ථා සලසා දීමට පියවර ගන්නා ලෙස තානාපති අංශවලට ඉල්ලීම් කර තිබෙන අතරම නව සේවා යෝජකයින් හරහා ඒ සඳහා අවස්ථාව සලසන්නැයි, ඉල්ලා ඇති බවත් පැවසීය.

රැකියා අහිමිව මැදපෙරදිග කලාපයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස 20000කට ආසන්න බව, මංගල රන්දෙණිය මහතා සඳහන් කළේය.