දකුණු කොරියාවේ සේවයට ගිය ලාංකිකයෙක් මියයයි

දකුණු කොරියාවේ සේවයට ගිය ලාංකිකයෙක් මියයයි

දකුණු කොරියාවේ සේවය සඳහා විදේශගතව සිටි ලාංකිකයෙකු පසුගිය 15 වෙනි දින එරටදී මරණයට පත්ව තිබෙන බව වාර්තා වේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වැලිගෙපල කැලෑගම්මන පදිංචිකරුවෙකු වූ චමින්ද බණ්ඩාර නම් 41 හැවිරිදි දෙදරු පියෙකි.

ඔහු දකුණු කොරියාවේ වසර 03ක සිට සේවයේ නිරතවෙන අතර මරණයට හේතුව හෘදයාබාධයක් බවත් සඳහන්.

කෙසේ වෙතත් පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෘත දේහය මෙරටට ගෙන ඒමට නොහැකි බැවින් කොරියාවේ පදිංචි ලාංකීය මිතුරන්ගේ සහයෝගයෙන් ඌහාන් නගරයේදී  අද (23) අවසන් කටයුතු සිදුකර තිබුනා.

ඔහුගේ පවුලේ පිරිස් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධවෙමින් බෞද්ධ ආගමික වතාවත් වැලිගෙපල නිවසේදී සිදුකර තිබෙන බවත් සඳහන්.

වැඩබිම

 
 
 
Like
 
Comment
 
Share