විදෙස්ගතව සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

විදෙස්ගතව සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට
කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ පිරිසක් අද උදෑසන කාලයේ දිවයිනට පැමිණ තිබේ.
 
කටාර් සිට 50 දෙනෙකු, සෞදි අරාබියේ සිට 52 දෙනෙකු එලෙස දිවයිනට පැමිණි බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.
 
පැමිණි සියලු දෙනා ගුවන්තොටුපළේදී පී.සී.ආර් (PCR) පරීක්ෂණවලට ලක්කොට තිබෙන අතර අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර තිබෙන බවත් සඳහන්.
 

වැඩබිම