මාස පහකට පසු ශ්‍රී ලංකන් ගුවන් යානයක් මෙල්බර්න් වෙත

මාස පහකට පසු ශ්‍රී ලංකන් ගුවන් යානයක් මෙල්බර්න් වෙත
මාස පහකට පසු පළමුවරට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගීන් රැගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙත අද (08) ළඟාවී තිබේ.
 
එරට කොවිඩ් තත්ත්වය පාලනයෙන් පසු මෙල්බර්න් ගුවන්තොටුපොළට විදෙස් මගීන් රැගත් යානා ඒම සඳහා අවසරදුන් අතර එලෙස මෙරටින්  මගීන් රැගෙන ළඟා වූ පළමු ගුවන්යානය එය වේ.
 
ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL604 යානය අද පෙරවරුවේ මෙල්බර්න් ගුවන්තොටුපළට ගොඩබස්සවා ඇත. 
 
එය පසුගිය ජූලි 10 වෙනදායින් පසු මෙල්බර්න් නුවරට පැමිණි පළමු ජාත්‍යන්තර ගුවන්යානය වේ.