බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශය වැසේ

බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශය වැසේ
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රියැදුරෙකුට කොවිඞ් 19 රෝගය වැළඳීම හේතුවෙන් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කටයුතු කර ඇතිබව වාර්තා වේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශකර ඇත්තේ රෝගය වැළඳුණු රියැදුරු ගේ ආශ්‍රිතයන් වූ තවත් රියැදුරන් පණස් දෙනෙක් කාර්යංශයේ පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කරතිබෙන බවයි.
 
කෙසේ නමුත් කාර්යාලය වසා දමා ඇතත් එහි විසිහතර පැයේ තොරතුරු සේවාව ක්‍රියාත්මකව පවතින අතරම ඒ සඳහා0112880500  යන දුරකථන අංකයෙන් එම සේවාව ලබා ගත හැකි බවත් සිහිපත් කළේය.