ඔබ දන්නවාද? විදේශයේ සිට දිවයිනට එනවා නම් මේ අනුමැතිය අනිවාර්යයි

ඔබ දන්නවාද? විදේශයේ සිට දිවයිනට එනවා නම් මේ අනුමැතිය අනිවාර්යයි

ගුවන් තොටුපොළ යළි විවෘත කරනු ලැබුවත් විදේශ ගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ට සිය මව්රටට පැමිණීම සඳහා තවමත් විදේශ අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමට සිදුවී ඇත.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපති ජනක විජයපතිරණ මහතා ප්‍රකාශ කළේ දැනට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් විදේශ අමාත්‍යාංශයේ අනුමැතිය මත පැමිණි බවයි.

විදේශිකයන් සඳහා එවැනි අනුමැතියක් අවශ්‍ය නොවන අතර විදේශවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා මෙම නියමය ක්‍රියාත්මක වන බවද විජයපතිරණ මහතා ප්‍රකාශ කළේය.