ලාංකිකයින් වැඩි පිරිසකට දිවයිනට එන්න අවස්ථාවක් හිමිවෙයි

ලාංකිකයින් වැඩි පිරිසකට දිවයිනට එන්න අවස්ථාවක් හිමිවෙයි
කණ්ඩායම් වශයෙන් විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ ලාංකිකයින් වැඩි පිරිසකට දිවයිනට එන්න අවස්ථාවක් හිමිවී තිබේ.
 
ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 29ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,249 කට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කරයි.
 
මෙම කාලසීමාව තුළදී ගුවන් යානා 15කින් ගුවන් මඟීන් 784 දෙනෙකු කටුනායක ගුවන්තොට වෙත පැමිණ තිබූ අතර එලෙස පැමිණි පිරිස අතරට ෂීෂෙල්ස් රාජ්‍යයේ සිට පැමිණි ලාංකිකයින් 164ක්, සාමාන්‍ය කාලසටහන යටතේ ක්‍රියාත්මක මගී ගුවන් යානා වලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුබායි සිට 105ක්, එරට අබුඩාබි සිට 85 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට 170ක් මෙන්ම සිංගප්පූරුවේ සිට 58 දෙනෙකු පැමිණ තිබේ.
 
පැමිණි සියළුම ගුවන් මගීන් නිරෝධායන ක්‍රියාවලිය සඳනා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හා සචාරක හෝටල් වෙත යොමුකර ඇති බවත් සඳහන්.