විදෙස්ගත වූ ලාංකිකයින් 33ක් එතෙරදී සියදිවි නසාගෙන

විදෙස්ගත වූ ලාංකිකයින් 33ක් එතෙරදී සියදිවි නසාගෙන

විදේශයේ රැකියා සඳහා ගොස් සිටියදී ඇති වූ ගැටලු හේතුවෙන් මානසික පීඩනයට ලක්ව සිටි පුද්ගලයන් 33 දෙනෙක් පසුගිය 2019 වසරේදී සියදිවි හානි කර ගෙන ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව තහවුරු වී තිබේ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තහවුරු කරන ලද දත්තවලට අනුව  මෙලෙස සියදිවි හානි කරගත් පුද්ගලයන් තිස්තුන් දෙනා අතරින් විසිපස් දෙනෙකුම පිරිමි පුද්ගලයන්වන අතර  අට දෙනෙකු කාන්තාවෝ වෙති.

එම වසරේම ශ්‍රී ලාංකිකයෝ අට දෙනෙකු එම රටවලදී ඝාතනයට ලක්ව තිබේ. ඝාතනයට ලක්වූ පුද්ගලයන් අතරින් සිව් දෙනෙක් ගැහැනුන් වන අතර අනෙක් සිව්දෙනා පිරිමි වෙති.