සයිප්‍රසයේ සිටින ඔබ අමතක නොකර මේ තොරතුරු කාර්යාලයට දෙන්න

සයිප්‍රසයේ සිටින ඔබ අමතක නොකර මේ තොරතුරු කාර්යාලයට දෙන්න
සයිප්‍රසයේ සේවය කරන ලාංකික ශ්‍රමිකයින්ට වැදගත්වෙන නිවේදනයක් එරට ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයෙන් නිකුත්කර තිබේ.
 
එම නිවේදනයේ සඳහන් ආකාරයට, විදේශගතව සේවයේ දී දැනට රැකියා විරහිතව හෝ රෝගී තත්ත්වයක් මත හෝ වෙනත් සාධාරන හේතුවක් මත ශ්රී ලංකාවට යාමට සිටින ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රක්ෂණ ආවරන ඇති පිරිස සඳහා නොමිලේ නිරෝධායන මධ්යස්ථානවල පහසුකම් සැලසීමට කටයුතු යොදා ඇත.
 
ඔබ එවැනි පසුබිමක් මත ශ්රී ලංකාවට යාමට කොන්සල් ජනරාල් කාර්යාලයේ ලියාපදිංචි වී ඇත්නම් පහත සදහන් විස්තර හැකි ඉක්මනින් මෙහි සදහන් කිරීම හෝ ඊ -මේල් මගින් දැන්විය හැක.
 
  • ගමන් බලපත් අංකය
  • ජංගම දුරකථන අංකය
  • විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රක්ෂණ ආවරන ලබා ඇති විස්තර (අවසන් වරට ලියාපදිංචි වූ දිනය)
  • ශ්රී ලංකාවට යාමට හේතුව

Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.