කැනඩාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් පොලිස් දැලේ

කැනඩාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් පොලිස් දැලේ
කොළඹ නගරයේ විවිධ එජන්සි පවත්වාගෙන යමින් කැනඩාව ට රැකියා සඳහා පුද්ගලයින් යොමුකරන බව පවසමින් මුදල් ලබාගත් පුද්ගලයෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (30) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
 
අදාළ සැකකරු පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරු විවිධ පුද්ගලයින්ගෙන් ලක්ෂ 30කට ආසන්න මුදල් ප්‍රමාණයක් වංචා කර ඇති බවත් තහවුරුව ඇත.
 
පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීමෙන් අනතුරුව අදාළ සැකකරු අතුරුදන්වී තිබෙන අතර  පසුව කළ සෝදිසි මෙහෙයුම්වලදී සැකකාර පුද්ගලයා අත්අඩංගුවට  ගැනීමට හැකිව තිබේ.
 

ඔහු 29 හැවිරිදි අටුලුගම ප්‍රදේශයේ පදිංචිකරු වන අතර අද දිනයේ (31)අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන්.