කුවේටයේ ඇඳිරි නීතියේ වෙනසක් -අලුත්ම නිවේදනය දැනගන්න

කුවේටයේ ඇඳිරි නීතියේ වෙනසක් -අලුත්ම නිවේදනය දැනගන්න
එලැඹෙන රාමසාන් මාසයේ අවසන් දින 10 තුළ කුවේට් දේශය සම්පූර්ණයෙන්ම වසා දැමීමට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කැබිනට් අමාත්‍යාශය වෙත නිර්දේශ කර තිබෙන බව වාර්තා වේ.
 
මෙම තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව ලෙස සඳහන් වෙන්නේ කුවේටයේ කොරෝනා ආසාදිතයින් ගණන ක්‍රමයෙන් ඉහළ යාමත් මරණ ප්‍රමාණයද අනපේක්ෂිත ලෙස වැඩිවීමයි.
 
ඔබ කුවේට් දේශයේ සේවය කරන ලාංකිකයෙකු නම් කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට හැකි සෑම විටම සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන්න.තමා සිටින ස්ථානයේ සේම නිවසින් පිටතට යාමේදීත් නිසි උපදෙස් පිළිපඳින්න.

 168824306 1423821811287992 8928652837329067661 n

උපුටා ගැනීම- Sri Lankans Living in Kuwait facebook page