දකුණු කොරියාවේ සිව්වැනි කොවිඩ් රැල්ලක් ගැන අනතුරු හැඟවීමක්

දකුණු කොරියාවේ සිව්වැනි කොවිඩ් රැල්ලක් ගැන අනතුරු හැඟවීමක්
දකුණු කොරියාවේ දිනෙන් දින වාර්තා වෙන කොරෝනා රෝගීන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් රට තුළ කොරෝනා සිව්වැනි රැල්ලක් ඇතිවීමේ අවදානම මතුව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍ය ක්වොන් ඩියොක් -චියොල් අනතුරු හැඟවීමක්කර තිබේ.
 
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ " පසුගිය සතිය පුරා දිනපතා නව ආසාදිතයින් 500කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. එය ආසාදන ඉහළ යාමේ ප්‍රවණතාවයක් පැහැදිලිව පෙන්නුම්  කරනවා" යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශකර ඇති බවයි.
 
කෙසේ වෙතත් ඉදිරි කාලය තවත් අවදානම් විය හැකි බැවින් කොවිඩ් ආසාදන වැලැක්වීම සඳහා අනවශ්‍ය රැස්වීම් අවලංගු කිරීම සහ එන්නත් කිරීමේ ක්‍රියාවලියට සක්‍රීයව සහභාගි වීමත්,සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් දකුණු කොරියාවේ සිටින දෙස් විදෙස් සියලුම දෙනාට අමාත්‍යවරයා සිහිපත්කර දෙයි.
 
ඔබ දකුණු කොරියාවේ සේවය කරන ලාංකිකයෙකු නම් නිතර යාවත්කාලීන කරන තොරතුරු කෙරෙහි අවදානයෙන් පසුවෙන්න.සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපඳින්න.