ජපානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

ජපානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි
කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව නැවත වැඩිවීමත් සමඟ ඔසාකා ඇතුළු ජපානයේ ප්‍රදේශ තුනකට අර්ධ වශයෙන් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
තවද,ජපානය තුළ නව කොවිඩ් පාලන සීමා ලබන සඳුදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බවත්  සඳහන්.
 
අදවනවිට ජපානයේ  හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 487,545ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර පුද්ගලයින් 9,249ක් මරණයට පත්ව තිබේ. සුවය ලැබූ සම්පුර්ණ පුද්ගල සඛ්‍යාව 454,055කි.
 
ඔබ ජපානයේ සිට ලාංකිකයෙකු නම් ප්‍රවේශමෙන් කටයුතු කරන්න.ඉදිරි කාලය අවදානම් කාලයක් බවට සඳහන්.