ඔබ සිටින්නේ ඊශ්‍රායලයේද?මේ වැදගත් සිහිපත් කිරීමට ඔබටයි

ඔබ සිටින්නේ ඊශ්‍රායලයේද?මේ වැදගත් සිහිපත් කිරීමට ඔබටයි
ඊශ්‍රායල් රාජ්‍ය තුළ මේවනවිට කොරෝනා අවදානම පහව ගොස් වෛරස ව්‍යාප්තිය පාලනය වී තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
ඒ අනුව මුහුණු ආවරණ සම්බන්ධයෙන් එරට පනවා තිබූ නීති ලිහිල් කිරීමට කායුතු කර ඇති බව දෙස් විදෙස් සියළුම දෙනාට සෞඛ්‍ය අමාත්‍ංයාශය විසින් නිවේදනය කර ඇත.
 
අදවනවිට ඊශ්‍රායලයේ කොරෝනා ආසාදිතයින් අවම වී වෛරසය ව්‍යාප්තවීම පාලනය වීමට මූලිකවම බලපා ඇත්තේ එහි වෙසෙන වැසියන්ගෙන් හරි අඩකට මේවනවිට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී තිබෙන බැවින් බවයි සෞඛ්‍ය අංශ අණාවරණය කරන්නේ.
 
ඇමෙරිකාවේ "ෆයිසර්" එන්නත ඊශ්‍රායලයේ වැසියන්ට ලබා දී තිබෙන අතර එය ලොව ඇති සාර්ථකත්වයෙන් වැඩිම එන්නත බවත් ලෙසත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
 
මුහුණු ආවරණ සම්බන්ධයෙන් නීති ලිහිල් කළත්, පොදු ප්‍රවාහන සේවා භාවිතයට ගැනීමේදී ,වැඩි පිරිසක් එක් තැනක රැස්වීමේදී මුහුණු ආවරණ පැළඳීම වඩා සුදුසු වන බවයි සෞඛ්‍ය බලධාරීන් ඊශ්‍රායලයේ සිටින සියළුම දෙනාට උපදෙස් ලබා දී ඇත්තේ.