සෞදියේ රැඳවුම් භාරයේ සිටින ලාංකිකයින් ඉදිරි දිනවල ගෙන්වීමේ සූදානමක්

සෞදියේ රැඳවුම් භාරයේ සිටින ලාංකිකයින් ඉදිරි දිනවල ගෙන්වීමේ සූදානමක්

සෞදි අරාබියේ රියාද් හී තර්හීල් කඳවුරේ සෞදි බලධාරීන්ගේ රැදවුම් බාරයේ සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 98 දෙනා ගෙන් 70 දෙනකු ඉදිරි දින කිහිපයේදී කණ්ඩායම් වශයෙන් දිවයිනට පිටත් කර හැරීමට සෞදි රජය පියවර ගන ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මින් පළමු කණ්ඩායම ලෙස ලාංකික ශ්‍රමිකයින් 25 දෙනකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් අද (30) දිවයිනට පැමිණීමට නියමිත බවද සෞදියේ වැඩලන තානාපති මධූක වික්‍රමාරච්චි මහතා කියයි.

මෙලෙස කණ්ඩායම් වශයෙන් පැමිණෙන 70 පමණ පිරිසට අමතරව තර්හීල් කඳවුරෙහි රඳවා සිටින ඉතිරි ශ්‍රමිකයින් 28 දෙනොද ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බනධයෙන් සාකච්ඡා සිදු කරමින් සිටින බවද වැඩබලන තානාපති මධූක වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් කීය.

මේ අතර රියාද්හි පිහිටි වෙනත් කාන්තා සංත්‍රමණික රැදවුම් කඳවුරක රඳවාගෙන සිටි කාන්තාවන් 15 දෙනෙකුද මැයි මස 03 වන දින ශ්‍රී ලංකාවට පැමිණෙන බවද තානාපතවරයා කීය.