ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සිංගප්පූරුවෙන් තහංචි

ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සිංගප්පූරුවෙන් තහංචි

ලංකාව ඇතුළු ඇතුළුව රටවල් කිහිපයක මෑතකදී සංචාරයේ නිරත පුද්ගලයන්ට සිය රටට ඇතුළුවීම තහනම් කිරීමට සිංගප්පුරු රජය තීරණය කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර තිබෙන අයට තහනම බලපැවැත්වෙන බව සඳහන් වෙයි.

සිංගප්පූරුවේ කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය විසින් පසුගිය 30 වෙනි දින සිට බලපැවැත්වෙන ලෙස මෙම තහනම පනවා තිබෙන අතර ඒ අනුව පසුගිය දින 14 ක කාලසීමාව ඇතුලත ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සිට සිංගප්පුරුවට පැමිණෙන අයට තහනම පනවා ඇත.

මැයි 02 සිට සිංගප්පුරු රජයේ එම තීරණය ක්‍රියාත්මක බවත් සඳහන්.