කුවේටයේ සේවයට ගිය ලාංකික කතක් අමානුෂිය ලෙස ඝාතනය වෙයි

කුවේටයේ සේවයට ගිය ලාංකික කතක් අමානුෂිය ලෙස ඝාතනය වෙයි
ලංකාවට යන්න ඔනා කියපුවාම මරා දැමු ලාංකික සේවිකාවක් ....අගහිඟකම් නිසා විදෙස්ගත වුවත් අවසානයේ දී ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවු අසරණ කාන්තාවක් ගැන මහව ප්‍රදේශයෙන් වාර්තා විය.
 
මහව පළමුගෙදර ග්‍රාමයේ පදිංචි 39 හැවිරිදි ස්වර්ණාවතී එක්දරු මවකි. ඇය 2018 වසරේදී කුවේටයහි ගෘහ සේවයේ රැකියාවකට පිටත්ව යන්නේ සිය පවුලට සවියක්වීමේ අරමුණින්ය.
 
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිය දියණිය දැකබලා ගැනීමටත් සිංහල අලුත් අවුරුද්දට පෙර කඩිනමින් දිවයිනට පැමිණිමටත් ඇය අපේක්ෂාවෙන් සිට ඇත.
 
නමුත් ඇය සේවය කළ නිවසේ හිමිකාර කාන්තාව ගැබිණියක් බැවින් ස්වර්ණාවතීට දිවයිනට ඒමට ඔවුන් ඉඩ දී නැත. අවසානයේ එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ.
 
පසුගිය 13වනදා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියෙන් විසින් ස්වර්ණාවතීගේ සැමියාට ලබාදුන් දුරකථන ඇමතුමකින් දැනුම් දී ඇත්තේ ස්වර්ණාවතී මියගොස් ඇති බවය.
 

මෙවැනි සිද්ධි ගැන විධිමත් පරීක්ෂණයක් කිරීම බලධාරීන් සතු වගකීමක් නොවේ ද?

179361439 284271629958887 623578637949331788 n 1

 

උපුටා ගැනීම -සුදත් කුමාර -ෆේස් බුක් පිටු