කුවේටයේ ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්!

කුවේටයේ ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්!
කුවේටයේ සිටින ලාකික ශ්‍රමිකයින්ට වැදගත්වෙන නිවේදනයක් එරට ලක් තානාපති කාර්යාලයෙන් නිකුත්කර තිබේ.සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි...
 
පහත අංක සඳහන් අයදුම්පත්වලට අදාළ නව ගමන් බලපත්ර පමණක් තානාපති කාර්යාලය වෙත ලැබී ඇත.
 
එය ලබා ගැනීම සඳහා කාර්යාල දිනවල උදෑසන 8.30 සිට දහවල් 12.30 අතර කාලය තුළ අදාළ කහ පැහැති රිසිට්පත සහ ඔබ සතු ගමන් බලපත්රය ද රැගෙන ආ යුතුය. ඊට අමතරව තාවකාලික ගමන් බලපත්රයක් ඔබ සතුව ඇත්නම් එයද අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතුය.
 
දරුවන්ගේ ගමන් බලපත්ර ලබා ගැනීමට පැමිණෙන මව හෝ පියා කහ පැහැති රිසිට්පත සමග තමාගේ ගමන් බලපත්රය සහ දරුවාගේ උප්පැන්න සහතිකය ද රැගෙන ආ යුතුය. එසේම දරුවෙකුට දැනටමත් වලංගු ගමන් බලපත්රයක් හෝ තාවකාලික ගමන් බලපත්රයක් ඇත්නම් එයද රැගෙන ආ යුතුය.
 
ගමන් බලපත්රය නිකුත් කරනු ලබන්නේ අදාළ හිමිකරුට පමණක් බව කාරුණිකව සලකන්න.

 

 ශ්‍රී ලංකා තානාපති කාර්යාලය -කුවේට්

numbers