සෞදියේ සිටින සියළුම විදෙස් ශ්‍රමිකයින්ට එරට රජයෙන් අනිවාර්ය නියෝගයක්!

සෞදියේ සිටින සියළුම විදෙස් ශ්‍රමිකයින්ට එරට රජයෙන් අනිවාර්ය නියෝගයක්!
සෞදි අරාබියේ රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට කොවිඩ් 19 එන්නත ලබා ගැනීම අනිවාර්ය කර තිබෙන බව සෞදි පුවත් සේවා වාර්තා කරයි.
 
සෞදි මානව සම්පත් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සියලුම සේවා ස්ථානවලින් ඉල්ලීමක් කර ඇත්තේ සියලුම සේවකයින්ට එන්නත් ලබා දීමට සූදානම් කර ලෙසයි.
 
තවද කොවිඩ් එන්නත් ලබා දෙන දිනයන් සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් දැනුම් දීමට කටයුතු කරන බවත් මානව සම්පත් අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
 
ඔබත් සෞදි අරාබියේ සේවය කරන ලාංකික ශ්‍රමිකයෙකු නම් මේ ගැන සැලකිල්ලෙන් පසුවෙන්න.යාවත්කාලීනවන උපදෙස්ගැන නිරන්තර අවදානයෙන් ඉන්න.