ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සම්බන්ධයෙන්,පෙනෙන නොපෙනෙන සත්‍යය

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සම්බන්ධයෙන්,පෙනෙන නොපෙනෙන සත්‍යය
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සම්බන්ධයෙන්,පෙනෙන නොපෙනෙන සත්‍යය යන මාතෘකාව යටතේ විගමනික සම්පත් මද්යස්ථානය විසින් නිකුත්කර ඇති වැදගටත් කරුණු කිහිපයක් මෙලෙස ඉදිරිපත් කරමු!
 
01. විශේෂ ප්‍රාගුණ්‍යය, නිපුණතා සහිත රැකියා අවස්ථාවන් වෙනුවෙන් රාජ්‍යයන් ගිවිසුම් ගතව කටයුතු කිරීම තුළ  යහපත් තත්ත්වයක් තිබේ.
 
02. ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය එවැනි ගිවිසුමක් මේ වනවිටත් අත්සන් කර ඇත.
 
03. එමෙන්ම පිලිපීනය සමඟ ඊශ්‍රායලය එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය.(ගිවිසුම් කෙටුම්පත හෝ කොන්දේසි කිසිවක් මෙතෙක් නිශ්චිතව මාධ්‍ය වෙතට නිකුත් කර නොමැත.)
 
03. එනමුත් ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය විසින් අත්සන් කල සාත්තු සේවා රැකියා සම්බන්ධයෙන් අදාළ ගිවිසුම් කොන්දේසි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියෙහි ඉතා පැහැදිලි ලෙසට බලා ගැනීමට,භාගත කර ගැනීමට අවස්ථාව තිබේ.
 
ගිවිසුම් ගතවූ කොන්දේසි අනුව බඳවා ගැනීමේ ක්‍රියාවලිය, විදේශ සේවා සැපයුම් ක්‍රියාදාමය, සේවා නියුක්ති ක්‍රියාකාරී තත්ත්වය,මෙන්ම ආපසු පැමිණීම් ක්‍රියාවලිය ඉතා පැහැදිලි ලෙසට එම ගිවිසුම් කොන්දේසි තුළ සඳහන්ව තිබේ.
 
මේ වනවිට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථාවන් පිළිබඳව සහ පිලිපීන රාජ්‍යය අත්සන් කල ගිවිසුම පිළිබඳව  පාර්ශවයන් රාශියක් ශ්‍රී ලංකාවේ ගිවිසුම සමඟ සංසන්දනය කිරීමේ උනන්දුවක් තිබෙන හෙයින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියෙහි ගිවිසුම පරිශීලනය කරන ලෙස කාරුණිකව සටහන් කරමි.
 
ලෝකයේ රටවල් රාශියක මෙම අවස්ථාවෙදී කොරෝනා රෝග තත්වය තිබෙන නිසා යම් රටවල් සදහා විදේශ රැකියා සදහා පිටත්විමට පෙර සහ එම රටවල් තුලදී රෝග නිවාරණ විශේෂ ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ.
 
 එබැවින් විදේශ රැකියා සම්බන්ධයෙන් උනන්දු විමේදි එම රැකියා සම්බන්ධයෙන් මුහුණු පොත තුළ  තොරතුරු සදහන් ආයතන පිලිබදව  කාර්යාංශයේ ලියාපදිංචියේ වලංගු භාවය හා රැකියා සදහා අනුමැතිය ලබා ගෙන තිබේද යන්න මෙන්ම රැකියා කොන්දේසි(වැටුප් ,පහසුකම් ) සහ ගෙවිය යුතු ගාස්තු පිලිබදව සියළුම විස්තර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට ඇතුළුවී පරීක්ෂා කර ගැනීමට හැකියාව තිබෙන බව කාරුණිකව සටහන් කරමි.
 
කාර්යාංශයේ වෙබ් අඩවිය www.slbfe.lk
 
ඔබට හෝ ඔබ දන්නා ශ්‍රී ලාංකිකයින්ට, යම් ශ්‍රී ලාංකිකයෙකු විදේශ රැකියා සම්බන්ධයෙන් වංචාවන් කර තිබේ නම්
( රිසිට් පත් නොමැතිනම් සිදුවීම පිලිබදව සම්පුර්ණ විස්තරාත්මක ලිපියක් සමග )
24 පැය විශේෂ විගමණික සම්පත් මද්ය ස්ථානයට යොමු කරන ලෙස හෝ යොමු කිරීමට අදාල ශ්‍රී ලාංකිකයාව දැනුවත් කරන ලෙස හෝ නැතහොත් ඔබ විසින් යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. 
 
එසේම කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්යධස්ථානය සම්බන්ධ කර ගැනීමෙනුත් සියළුම කරුනු ලබා ගැනීමට අවස්ථාව තිබේ.
 
දුරකථන අංක 0112879900-2 , 0112880500
ෆැක්ස් අංක 0112879903
ඊමේල් ලිපිනය  Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.    Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
(මුහුණු පොත තුළ විදේශ රැකියා අවස්ථාවන් පිළිබඳව තොරතුරු සටහන් කරන ව්‍යාජ ආයතන හෝ පුද්ගලයන් පිළිබඳව තොරතුරුද 24 පැය තොරතුරු මද්‍යස්ථානය වෙතට යොමු කිරීමට හැකියාව තිබේ.
 

( මේ පිළිබඳව ඔබ දන්නා ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන ලෙස කාරුණිකව සටහන් කරමි.)