විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

ලෝකයේ රටවල් රාශියක මෙම අවස්ථාවෙදී කොරෝනා රෝග තත්වය තිබෙන නිසා යම් රටවල් සදහා විදේශ රැකියා සදහා පිටත්විමට පෙර සහ එම රටවල් තුලදී රෝග නිවාරණ විශේෂ ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ.

එබැවින් විදේශ රැකියා සම්බන්ධයෙන් උනන්දු විමේදි එම රැකියා සම්බන්ධයෙන් මුහුණු පොත තුළ තොරතුරු සදහන් ආයතන පිලිබදව කාර්යාංශයේ ලියාපදිංචියේ වලංගු භාවය හා රැකියා සදහා අනුමැතිය ලබා ගෙන තිබේද යන්න මෙන්ම රැකියා කොන්දේසි(වැටුප් ,පහසුකම් ) සහ ගෙවිය යුතු ගාස්තු පිලිබදව සියළුම විස්තර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට ඇතුළුවී පරීක්ෂා කර ගැනීමට හැකියාව තිබෙන බව කාරුණිකව සටහන් කරමි.

කාර්යාංශයේ වෙබ් අඩවිය www.slbfe.lk

ඊශ්‍රායලය,පෝලන්තය,සයිප්‍රස් සහ වෙනත් යුරෝපා රටවල් වෙනුවෙන් විදේශ රැකියා අවස්ථාවන් තිබෙන බවට මෙම කොරෝනා රෝග වසංගත අවස්ථාවේදී මුහුණු-පොත සහ සමාජ මාධ්‍ය වෙතට නොයෙකුත් මාදිලියේ දැන්වීම් යොමු කරන අවස්ථාවන් අධික වි තිබෙන අතර ඔබට හෝ ඔබ දන්නා ශ්‍රී ලාංකිකයින්ට, යම් ශ්‍රී ලාංකිකයෙකු විදේශ රැකියා සම්බන්ධයෙන් වංචාවන් කර තිබේනම්
( රිසිට් පත් නොමැතිනම් සිදුවීම පිලිබදව සම්පුර්ණ විස්තරාත්මක ලිපියක් සමග )

24 පැය විශේෂ විගමණික සම්පත් මද්ය ස්ථානයට යොමු කරන ලෙස හෝ යොමු කිරීමට අදාල ශ්‍රී ලාංකිකයාව දැනුවත් කරන ලෙස හෝ නැතහොත් ඔබ විසින් යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

එසේම කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්යධස්ථානය සම්බන්ධ කර ගැනීමෙනුත් සියළුම කරුනු ලබා ගැනීමට අවස්ථාව තිබේ.

දුරකථන අංක 0112879900-2 , 0112880500
ෆැක්ස් අංක 0112879903
ඊමේල් ලිපිනය Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser. Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
 

(මුහුණු පොත තුළ විදේශ රැකියා අවස්ථාවන් පිළිබඳව තොරතුරු සටහන් කරන ව්‍යාජ ආයතන හෝ පුද්ගලයන් පිළිබඳව තොරතුරුද 24 පැය තොරතුරු මද්‍යස්ථානය වෙතට යොමු කිරීමට හැකියාව තිබේ.